Close Menu
Lanka Focus News
    What's Hot

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පාසල් ළමුන් අතර පැතිර යන රෝගී තත්ත්වයක්
    Featured

    පාසල් ළමුන් අතර පැතිර යන රෝගී තත්ත්වයක්

    By LFNApril 18, 2023No Comments1 Min Read290 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පාසල් නිවාඩුව අවසන් වීමෙන් පසු කාලය තුළ දරුවන් අතර පාචනය සුලබව දක්නට ලැබෙන බැවින් එමගින් ඇතිවන විජලනය වළක්වා ගැනීම සඳහා මව්පියන් අවධානයෙන් සිටිය යුතු බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

    මාධ්‍ය සමග අදහස් දක්වමින් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා මේ බව අවධාරණය කළේය.

    එම රෝගී තත්ත්වයන්ගෙන් දරුවන් මුදවා ගැනීම සඳහා ස්වභාවික දියර වර්ග සහ පලතුරු යුෂ වැඩි වශයෙන් දරුවන්ට බීමට ලබා දෙන ලෙසට ද වෛද්‍යවරයා පැවසීය.

    “සෑම පාසල් නිවාඩුවක් අවසන් වෙනවාත් සමගම පාචනය තිබෙන දරුවන්ගේ වැඩි වීමක් දක්නට ලැබෙනවා. නිවාඩු කාලයේ තැන තැන ඇවිදින්න යනවා දකින දකින දේ කනවා. උණ, වමනය, බඩ රිදුම සහ බඩ එලියේ යාම හැම කාලයේම නිවාඩු කාලයට පසු අපි දකනවා.

    ඒ නිසා අපි ඒ ගැන දැනුම්වත් වෙන්න ඕනේ. මේ දවස් වලත් එක්කෙනා දෙන්නා වාර්තා වෙලා තියෙනවා.

    දරුවෙකුට උණත් සමග වමනය, බඩ එලියේ යාම තිබුණොත් විජලනය වීමේ හැකියාව වැඩියි. මොකද දාඩිය දැමීමත් වැඩි. එහෙම තත්ත්වයක් තියෙනවා නම් ස්වභාවික දියර ආහාර දැරුවන්ට වැඩියෙන් ලබා දෙන්න. විශේෂයෙන්ම තැඹිලි වතුර, කුරුම්බා වතුර, දෙහි, දොඩම්, නාරං, දෙළුම් පැණි කොමඩු වගේ දේවල් මගින් විජලනය වළක්වාගන්න පුළුවන්.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 202603 Views

    බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ ගමන් කරන බහුදින ධීවර යාත්‍රා සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින්…

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.