Close Menu
Lanka Focus News
    What's Hot

    81 වැනි ජන්ම දිනයට මහින්දට නාමල්ගෙන් සුබ පැතුම්

    November 18, 2026

    අලි-මිනිස් ගැටුම අවම කිරීමට සහ අලි සංරක්ෂණයට නව තාක්ෂණික හා ප්‍රායෝගික විසඳුම් සෙවීමට අවධානය

    November 17, 2026

    නාමල් අදත් අධිකරණයට

    November 16, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඖෂධ ආනයනය ගැන පෙත්සමකට අධිකරණ නියෝගයක්
    Featured

    ඖෂධ ආනයනය ගැන පෙත්සමකට අධිකරණ නියෝගයක්

    By LFNApril 7, 2023No Comments1 Min Read275 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (06) අවසර ලබාදුන්නේය.

    ඉන්දියානු ණය ආධාර ක්‍රමය යටතේ, ලියාපදිංචි නොකළ සමාගම් දෙකකින් ඖෂධ මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන තිබෙන තීරණය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා එම පෙත්සම ගොනුකර තිබුණි.

    මුර්දු ප්‍රනාන්දු, යසන්ත කෝදාගොඩ සහ අචල වෙංගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

    ඒ අනුව අදාළ සමාගම්වලින් දැනටමත් ආනයනය කර තිබෙන
    ඖෂධ තොග පිළිබඳව අදාළ ලේඛන ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත ඉදිරිපත් කර එහි නිසි ප්‍රමිතියක් පවතින බවට තහවුරු වුවහොත් පමණක් ඒවා මුදාහැරීමට හැකියාව තිබෙන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර සිටියේය.

    ඊට අමතරව ආනයනය කිරීමට නියමිත ඖෂධ තොගවල ප්‍රමිතිය සම්බන්ධයෙන් අවශ්‍ය තහවුරු කරගැනීමක් සිදු කරගන්නා තුරු ඒවා වැඩිදුර ආනයනය කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තවත් නියෝගයක් නිකුත් කර තිබේ.

    ඉන් අනතුරුව පෙත්සම් විභාගය ඔක්තෝබර් මස 18 වනදා පැවැත්වීමට ද අධිකරණය දින නියම කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    81 වැනි ජන්ම දිනයට මහින්දට නාමල්ගෙන් සුබ පැතුම්

    November 18, 2026

    අලි-මිනිස් ගැටුම අවම කිරීමට සහ අලි සංරක්ෂණයට නව තාක්ෂණික හා ප්‍රායෝගික විසඳුම් සෙවීමට අවධානය

    November 17, 2026

    නාමල් අදත් අධිකරණයට

    November 16, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,484 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,434 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,633 Views
    Don't Miss

    81 වැනි ජන්ම දිනයට මහින්දට නාමල්ගෙන් සුබ පැතුම්

    November 18, 202602 Views

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ 81 වැනි ජන්ම දිනය අදට (18) යෙදී තිබේ. දක්ෂිණ ගම්බද…

    අලි-මිනිස් ගැටුම අවම කිරීමට සහ අලි සංරක්ෂණයට නව තාක්ෂණික හා ප්‍රායෝගික විසඳුම් සෙවීමට අවධානය

    November 17, 2026

    නාමල් අදත් අධිකරණයට

    November 16, 2026

    රු. කෝටි අටක කුෂ් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට

    November 16, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.