Close Menu
Lanka Focus News
    What's Hot

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ප්‍රතිත්‍රස්ත පනත කල්යයි
    Featured

    ප්‍රතිත්‍රස්ත පනත කල්යයි

    By LFNApril 6, 2023No Comments1 Min Read266 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ත්‍රස්තවාදය වැළැක්වීමේ විශේෂ විධිවිධාන ඇතුළත් ප්‍රතිත්‍රස්ත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම තවත් සති කීපයක් ප්‍රමාද කිරීමට තීරණය කළ බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

    මෙම පනත් කෙටුම්පත පසුගිය 4 වැනිදා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වුවත් අධිකරණ නිවාඩු කාලය ( court vacation) හේතුවෙන් පනත සම්බන්ධයෙන්
    අධිකරණයට යෑමට බාධා මතුවන තත්වය සැලකිල්ලට ගෙන පනත ඉදිරිපත් කිරීම මෙසේ ප්‍රමාද කළ බවද ඔහු සඳහන් කළේය.

    මන්ත්‍රීවරුන්, නීතිඥ සංවිධාන සහ නොයෙකුත් සිවිල් සංවිධාන කළ ඉල්ලීම්වලට ඇහුම්කන් දෙන රජයක් විදියට ඒ තීරණය ගත් බව පැවසූ විජයදාස රාජපක්ෂ මහතා පනත් කෙටුම්පත මේ මස
    අග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මේ අනුව බලාපොරොත්තු වන බවද ප්‍රකාශ කළේය.

    මේ අතර මෙම පනත් කෙටුම්පතට විපක්ෂයේ දේශපාලන පක්ෂ, නීතිඥ සංවිධාන සහ නොයෙකුත් සිවිල් සහ බහුජන සංවිධාන දැනටමත් විරෝධය පළ කර ඇත. පනතෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදයට බරපතළ තර්ජනයක් එල්ල වන බව එම සංවිධානවල අදහසයි.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 ව්‍යවස්ථාව යටතේ, පනත් කෙටුම්පතකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කළ අවස්ථාවකදී, එවැනි පනත් කෙටුම්පතක් දෙවැනි වර කියවීම සඳහා නියම කරනු ලබන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය ස්ථාවර නියෝග 55(2) ප්‍රකාරව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 202603 Views

    වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් වගා හානි සිදුවූ දිස්ත්‍රික්ක රැසක වගා බිම් සඳහා වන්දි ගෙවීම අද…

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.