Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 2026

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

    July 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»විදෙස්ගත ශ්‍රමිකයන්ට ලැබෙන තීරුබදු සහනය
    Featured

    විදෙස්ගත ශ්‍රමිකයන්ට ලැබෙන තීරුබදු සහනය

    By LFNApril 4, 2023No Comments2 Mins Read259 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    විගමනික ශ්‍රමිකයින් වසරක කාලයක් තුළ මෙරටට එවූ විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය මත පදනම්වෙමින් ඔවුන්ට අතිරේක තීරුබදු දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබේ.

    විෂයභාර අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සඳහන් කළේ, මෙම වසරේ පළමු මාස දෙක තුළ විගමනික ශ්‍රමික ප්‍රේෂණ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන බවය.

    “2023 වසරේ මේ මාස දෙකට විතරක් ඩොලර් මිලියන 844ක් ඇවිත් තියෙනවා. ජනවාරි පෙබරවාරි මාස දෙකේ ගිය අවුරුද්දේ ඩොලර් මිලියන 464 හම්බෙන්නේ. ඒ කියන්නේ ආසන්න වශයෙන් දෙගුණවීමක් වෙලා තියෙනවා.”

    විගමනික ශ්‍රමිකයින් 2022 වසරේ මැයි මස පළමුවැනිදා සිට වසරක කාලයක් තුළ මෙරටට එවන ලද ප්‍රේෂණවල වටිනාකම පදනම් කර ගනිමින් අතිරේක තීරුබදු දීමනාවක් ඔවුන්ට ලබාදීමට තීරණය කර තිබේ.

    ඒ අනුව අමෙරිකන් ඩොලර් 2,400 සිට 4,799 දක්වා එවා ඇති අයකුට ඩොලර් 600ක අතිරේක තීරුබදු දීමනාවක්, ඩොලර් 4,800 සිට 7199 දක්වා එවා ඇති අයෙකුට ඩොලර් 960ක අතිරේක තීරුබදු දීමනාවක් හිමි වේ.

    ඩොලර් 7200 සිට 11,999 දක්වා අතර පරාසයේ මුදලක් එවා ඇති අයකුට ඩොලර් 1,440ක් ද ඩොලර් 12,000 සිට ඩොලර් 23,999 අතර එවා ඇති අයකුට ඩොලර් 2,400ක අතිරේක තීරුබදු දීමනාවක් ද හිමිය.

    එමෙන්ම ඩොලර් 24,000ට වඩා වැඩියෙක් මෙරටට එවා ඇති විගමනික ශ්‍රමිකයින්ට අතිරේක තීරුබදු දීමනාව වශයෙන් ඩොලර් 4,800ක් හිමිවේ.

    මේ පිළිබඳ අදහස් දැක්වු කම්කරු හා විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යාංශයේ, අතිරේක ලේකම්, කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මිය,

    “විදේශගත ශ්‍රමිකයන් දිරිගැන්වීම සඳහා ඒ කාලසීමාවට දෙන තීරුබදු සහනයට අමතරව, ලංකාවට එවලා තියෙන ප්‍රේෂණ ප්‍රමාණය සැලකිල්ලට ගෙන ගෙන තමා මේ අතිරේක තිරුබදු සහනය ලබාදෙන්නේ. අපි මේ ක්‍රමය ක්‍රියාත්මක කරන්න යෙදවුමක් ලෑස්ති කරලා තියෙනවා. LankaRemit කියන ඇප් එක. තමන්ගේ ස්මාට් දුරකථනයේ මේක ස්ථාපනය කරගත්තහම ඒ හරහා බැංකුවට ඉල්ලීමක් ඉදිරිපත් කරන්න පුළුවන්. එතකොට ඕනෑම කෙනෙක් ලංකාවට එන්න බලාපොරොත්තු වන දිනයට අඩුම ගානේ බැංකුව වැඩකරන ව්‍යාපාරික දින දෙකට කලින් මේ ඉල්ලීම ඉදිරිපත් කරන්න ඕනේ. මොකද බැංකුව හරහා මේ සම්බන්ධයෙන් ගතවන කාලයක් තියෙනවා. ඒ විදියට තමා මේක ක්‍රියාත්මක වෙන්නේ. එතකොට රේගුවේ දී ඒ නිලධාරීන් මේක පරීක්ෂාවට ලක්කරලා මේ පුද්ගලයාට කොච්චර ප්‍රමාණයක අතිරේක දීමනාවක් හිමි ද කියන එක බලලා ඒ ප්‍රමාණයට ගුවන් තොටුපොළ පරිශ්‍රයේදී බඩු භාහිර ආදිය මේ සහනය යටතේ ලබාගැනීමට හැකියාව ලැබනෙවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 2026

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    July 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,451 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,410 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,612 Views
    Don't Miss

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 202606 Views

    බෙල්ලන්විල ප්‍රදේශයේදී ඊයේ (25) රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීමට සම්බන්ධව සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන…

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

    July 24, 2026

    ජාලිය වික්‍රමසූරියට යළි වරෙන්තු

    July 22, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.