Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අපනයන ඉපයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා පවතින රීති සංශෝධනය කෙරේ

    June 9, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    තරුණයෙකුට සහ පුද්ගලයෙකුට මරු කැඳවූ මාරක අනතුරු දෙකක්

    June 9, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»චෝදනාවලට රුහුණු උපකුලපති පිළිතුරු දෙයි
    Featured

    චෝදනාවලට රුහුණු උපකුලපති පිළිතුරු දෙයි

    By LFNApril 3, 2023No Comments2 Mins Read176 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තමන්ට එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බව රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුජීව අමරසේන මහතා පවසයි.

    ඔහු වැඩිදුරටත් පවසන්නේ, දේශපාලන අරමුණු ඉටු කරගැනීම වෙනුවෙන් තමන් උපකුලපති තනතුරින් ඉවත් කිරීමේ සූදානමක් පවතින බවය.

    විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ලේකම්, කථිකාචාර්ය රොහාන් ලක්සිරි මහතාගේ නිල කාමරයට විෂ වායුවක් මුදාහැරි බව කියන සිද්ධිය සම්බන්ධයෙන් රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ප්‍රමුඛ පරිපාලනය නිසි විමර්ශනයක් සිදුනොකළ බවට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ඉකුත් පෙබරවාරි මස 08 වනදා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් චෝදනා කළේය.

    සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ක්‍රියාත්මක කරන පසුබිමක රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුජීව අමරසේන මහතා ඊයේ (02) ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කළේය.

    ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුජීව අමරසේන මහතා,

    “අවුරුදු 4ක්ම නවක වදයෙන් තොරවූ විශ්වවිද්‍යාලයක් බවට පත් කරලා තියෙනවා. අන්තර විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලය පසුගිය වසර හතර පුරාම මාව ඉවත් කරන්න කියලා උද්ඝෝෂණය කළා. මට එකේ අලුත් දෙයක් දැනෙන්නේ නෑ. පුදුමයි ඔවුන් තාම මාව ඝාතනය කිරීමට උත්සහ නොකිරීම ගැන. අලුතින් ගොඩ නැගුණු විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයෙන් අලුත් ඉල්ලීමක්. ඔවුන් පටන් ගත්තේ බදු පිළිබඳ උඝෝෂණය කිරීමනේ පසුගිය ජනවාරි මාසේ. නමුත් පස්සේ ඇතිවු සිද්ධියකින් පසුව මේ සම්පූර්ණ ව්‍යාපාරය මා වෙතට හැරෙව්වා. මට චෝදනා එල්ලා කළා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ලේකම්ගේ කාමරයට විෂ වායුවක් එල්ල කිරීමෙන් ඔහුව ඝාතනය කිරීමට උත්සහ කළා කියලා. මම ඒ චෝදනවා ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒ එක්කම ජාතික ජනබලවේගයට සහ ජනතා විමුක්ති පෙරමුණට ඊළඟ පාළාත් පාලන මැතිවරණයේ දී ඡන්දය දෙන්නට කියලා ඉල්ලා සිටින මාධ්‍ය සාකච්ඡා මේ ආචාර්ය සංගමයේ සාමාජිකයයින්ම කරනවා. ඔවුන් එ්ක ආචාර්ය සංගමය හැටියට කරන්නේ නෑ. නමුත් පුද්ගලයෝ හැටියට මේක කරනවා. හිතනවා ඔවුන් මේ ඉල්ලන්නේම ජාතික ජන බලවේගයේ එක අරමුණක් වෙනුවෙන් මාව ඉවත්කළ යුතුයි කියන එක කියලා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අපනයන ඉපයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා පවතින රීති සංශෝධනය කෙරේ

    June 9, 2026

    තරුණයෙකුට සහ පුද්ගලයෙකුට මරු කැඳවූ මාරක අනතුරු දෙකක්

    June 9, 2026

    දිස්ත්‍රික්ක 14ක ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් ඉහළට

    June 7, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,444 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,395 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,604 Views
    Don't Miss

    අපනයන ඉපයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා පවතින රීති සංශෝධනය කෙරේ

    June 9, 202606 Views

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ…

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    තරුණයෙකුට සහ පුද්ගලයෙකුට මරු කැඳවූ මාරක අනතුරු දෙකක්

    June 9, 2026

    මෝල්ටා මුහුදු තීරයේදී සංක්‍රමණික බෝට්ටුවක් පෙරළී 11ක් ජීවිතක්ෂයට

    June 8, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.