Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 2026

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කොන්දේසි පහකට යටත්ව පෞද්ගලිකරණයට එකඟයි -ගම්මන්පිල
    Featured

    කොන්දේසි පහකට යටත්ව පෞද්ගලිකරණයට එකඟයි -ගම්මන්පිල

    By LFNApril 3, 2023No Comments2 Mins Read324 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කොන්දේසි පහකට යටත්ව පිවිතුරු හෙළ උරුමය පෞද්ගලිකරණයකට එකඟ වන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

    අද (03) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

    වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා,

    “දේශපාලන බලපෑම නිසා රාජ්‍ය ව්‍යවසායන්ට බඳවා ගන්නේ පාක්ෂිකයා මිස දක්ෂයා නොවේ. ඉතින් පෞද්ගලික ව්‍යවසායේ ඉන්නා දක්ෂයා සමග පාක්ෂිකයාට තරග කරන්න බෑ තමයි. ඒ වගේම පෞද්ගලික ව්‍යාපාර මිල දී ගන්නේ අඩුම මිලට තිබෙන ප්‍රමිතියෙන් යුත් භාණ්ඩයි. රාජ්‍ය ව්‍යවසාය මිල දී ගන්නේ වැඩිම කොමිස් මුදල ගෙවන සැපයුම්කරුවාගේ භාණ්ඩයි. සෑම රාජ්‍ය ව්‍යවසායකටම මේ කරුණු අදාළ නොවුණත් සාතිශය බහුතරයක් සම්බන්ධයෙන් මේ කරුණු අදාළයි. ඒ නිසා කොන්දේසි පහකට යටත්ව අපි පෞද්ගලිකරණයකට එකඟයි.”

    කොන්දේසි පහ පහතින් දැක්වේ.

    1) පෞද්ගලිකරණය අතිශයින්ම විනිවිදභාවයකින් සිදුවිය යුතුයි. පෞද්ගලිකරණය අධීක්ෂණය කිරීමට පාර්ලිමේන්තුවේ සර්වපාක්ෂික කමිටුවක් පිහිටුවිය යුතුයි. පෞද්ගලිකරණයට පෙර ආයතනයේ සැබෑ වටිනාකම පිලිබඳ තක්සේරු වාර්තාවක් ඒ කමිටුවට ඉදිරිපත් කළ යුතුයි. ඒ වගේම පෞද්ගලිකරණයෙන් පසු සාධාරණව සහ විනිවිද භාවයෙන් පෞද්ගලිකරණ ක්‍රියාවලිය සිදුවුණු බවට විගණන වාර්තාවක් ඒ කමිටුවට ඉදිරිපත් කළ යුතුයි. මේ කමිටුවේ අනුමැතියකින් තොරව කිසිම ආයතනයක් පෞද්ගලිකරණය කිරීමට රජයට නොහැකි විය යුතුයි.

    2) පෞද්ගලිකරණයේ ප්‍රතිඵලයක් ලෙස ජනතාව සූරා කන වෙළඳපොලක් බිහි වීම වලක්වන්න සැබෑ නියාමනයක් තිබිය යුතුයි.

    3) මව්බිමේ සතුරන් අතට මෙම ආයතන පත් වී ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන අයුරින් පෞද්ගලිකරණය සිදු නොවිය යුතුයි.

    4‍) පෞද්ගලික අංශයේ කේවල් කිරීම් වැලැක්වීමට සහ හදිසි අවස්ථාවන්ට මුහුණ දීමට අවශ්‍ය කරන ආයතන පෞද්ගලිකරණය නොකල යුතු නමුත් නව ව්‍යවසායකයින්ට අවස්ථාව ලබා දී උපරිම තරගකාරි වෙළඳපොලකට අවස්ථාව සැලසිය යුතුයි.

    5) උපාය මාර්ගිකව වැදගත් ආයතන රාජ්‍යය සතුව තබා ගත යුතුයි.

    “දැනටමත් පෞද්ගලිකරණයට තෝරා ගෙන තිබෙන ආයතන සඳහා විකුණන්නේ කාටදැයි කියන එකත් කලින්ම තීරණය කරලා ඉවරයි කියලා විවිධ කටකතා පැතිරෙනවා. පෞද්ගලිකරණය සඳහා ආණ්ඩුව ප්‍රේමදාස චන්ද්‍රිකා රනිල් යුගවල මෙන් පරණ පාරේ ගියොත් කොමිස් කුට්ටි සඳහා රාජ්‍ය දේපල තුට්ටු දෙකට විකුණන්න හැදුවොත් “රාජ්‍ය සම්පත් සුරකිමු” කියන සටන් පාඨයට යලි පණ ඇවිල්ලා මේ ආයතනවල බර ඊ ලඟ පරම්පරාවටත් පැවරීමේ වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,470 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,422 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 202605 Views

    දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපය…

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026

    පාකිස්තාන රජයෙන් දැඩි වියදම් කප්පාදුවක්

    September 18, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.