Close Menu
Lanka Focus News
    What's Hot

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පාසල් වෑන්රථ ගාස්තු ගැනත් තීරණයක් ගනී
    Featured

    පාසල් වෑන්රථ ගාස්තු ගැනත් තීරණයක් ගනී

    By LFNMarch 30, 2023No Comments2 Mins Read202 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉන්ධන මිල අඩුවීමත් සමග පාසල් වෑන් රථ ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමුව ඇති බව පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති මල් ශ්‍රී ද සිල්වා මහතා සඳහන් කළේය.

    එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ ප්‍රතිශතයක් ලෙස මිල අඩුකිරීම අපහසු වන බැවින් කතා කරගෙන මිල ගණන් තීරණය කළ යුතු බවය.

    “වැඩි වීමේ දී වැඩි වූ ආකාරයටම දෙමව්පියෝ සහ හිමිකරු සහ රියදුරු සමග ඇති කරගත් එකඟතාවය මතම මිල අඩුවීමේ දී ත් එතුමන්ලා සමග කරලා අඩු කිරීමට කටයුතු කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. මොකද අපිට ප්‍රතිශතයක් ලෙස අඩු කිරීමක් කරන්න අපහසුතාවයක් තියෙනවා. මොකද අපි දුවන ප්‍රමාණ එකිනෙකාට වෙනස් වෙනවා. ඒ නිසා තෙල් මිල පහළ යාම මත එය සිදුකරන ලෙස අපි ඉල්ලා සිටිනවා.”

    මේ අතර, ඉන්ධන මිල අඩුවීමේ වාසිය බස් ගාස්තුව සම්බන්ධයෙන් පමණක් නොව අනෙක් ක්ෂේත්‍රවලින් ද ජනතාවට ලබාදිය යුතු බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේය.

    කෙසේවෙතත් ඉන්ධන මිල අඩු වුව ද දුම්රිය ගාස්තු මේ මොහොතේ පහළ දැමීමේ කිසිදු අපේක්ෂාවක් නොමැති බව වැඩබලන ප්‍රවාහන අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළේය.

    එහෙත් අද මධ්‍යම රාත්‍රි සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු පහත දැමීමට තීරණය කර තිබේ.

    ඊයේ (29) මධ්‍යම රාත්‍රී සිට ඉන්ධන මිල සංශෝධනය කිරීමත් සමග බස් ගාස්තු සියයට 12.9කින් පහළ දමන බව ප්‍රවාහන බලධාරින් සඳහන් කළේය.

    ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් ඊයේ මධ්‍යම රාත්‍රී සිට රුපියල් 60කින් අඩු කෙරුණු අතර ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 80කින් අඩු කෙරුණි.

    එමෙන්ම ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 135කින් ද සූපර් ඩීසල් ලීටරයක් රුපියල් 45කින් ද අඩු කර තිබේ.

    එම ඉන්ධන මිල සංශෝධනයත් සමග අද මධ්‍යම රාත්‍රී සිට අවම බස් ගාස්තුව රුපියල් 30ක් දක්වා අඩු කිරිමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 202601 Views

    ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නොහොත් ‘බස් ලලිත්’ දිවයිනට…

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.