Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 2026

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»තෙල් සේවකයින් ගැන ගැනීමට යන ඉදිරි පියවර
    Featured

    තෙල් සේවකයින් ගැන ගැනීමට යන ඉදිරි පියවර

    By LFNMarch 30, 2023No Comments2 Mins Read275 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉන්ධන බෙදාහැරීම් කටයුතුවලට බාධා සිදුකරන ලද වෘත්තීය සමිති නායකයින් සහ ඊට සහාය ලබාදුන් සේවකයින් 20 දෙනෙකු අනිවාර්ය නිවාඩු යැවීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගම පියවර ගෙන තිබුණි.

    ඒ අනුව එම පිරිස්වලට ඛනිජ තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයට සහ තොග ගබඩා පර්යන්ත පරිශ්‍රයට ඇතුළුවීමද තහනම් වනු ඇති.

    මෙලෙස අනිවාර්ය නිවාඩු යැවූ පිරිස අතරට ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති, විශ්‍රාමික ඛනිජ තෙල් සංස්ථා සේවකයෙකු වන අශෝක රන්වල සහ පොදුජන ප්‍රගතිශීලි සේවක සංගමයේ සභාපති බන්දුල සමන් කුමාර, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ජගත් විජේගුණරත්න සහ එහි ලේකම් ජයන්ත පරේගම යන මහත්වරුන්ද අයත්ය.

    මෙලෙස යම් සේවකයෙකු අනිවාර්ය නිවාඩු ගැන්වීමෙන් පසු එදින සිට ඔහුට හිමි වැටුප අත්හිටුවන අතර ඔහුට චෝදනා පත්‍රයක් භාරදී ඊට අදාළව පරීක්ෂණයක් සිදුකිරීම ආයතනික ක්‍රමවේදය වෙයි.

    එම පරීක්ෂණයෙන් අදාළ සේවකයා වරදකරු බවට ඔප්පු වුවහොත් ඔහුට සිය රැකියාව අහිමි වනු ඇත.

    විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා,

    “අපිට විනය පවත්වා ගැනීම අත්‍යවශ්‍යයි. පසුගිය කාලයේ මේ වෘත්තීය සමිතිවල බොහෝදෙනෙක් විශාල වරප්‍රසාද ගත්තා. වෘත්තීය සමිති නායකයින්ට වෙන් කරලා තිබුණා නිල වාහන 04ක්. අසීමිත ඉන්ධන කෝටාවන් තිබුණා. නමුත් පසුගිය මාසයේ ඒ සියලුම රථවාහන අපි ලබාගත්තා. මේවත් ඔවුන්ට තිබෙන ප්‍රශ්න වෙන්න පුළුවන්.”

    මෙවැනි පසුබිමක ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිතයින් ඊයේ පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ අතර සිය වැඩවර්ජනය ඉදිරියට කරගෙන යාමට එහිදී තීරණය වී තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,470 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,422 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 202605 Views

    දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපය…

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026

    පාකිස්තාන රජයෙන් දැඩි වියදම් කප්පාදුවක්

    September 18, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.