Close Menu
Lanka Focus News
    What's Hot

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ව්‍යවස්ථාව උත්තරීතර වෙන්නේ බලය රැකෙන කල් විතරයි – අනුර
    Featured

    ව්‍යවස්ථාව උත්තරීතර වෙන්නේ බලය රැකෙන කල් විතරයි – අනුර

    By LFNMarch 27, 2023No Comments2 Mins Read166 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාලකයින්ට වාසි සහගත අයුරින් භාවිත කරන බවට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා චෝදනා කරයි.

    ඔහු මේ බව සඳහන් කළේ, පානදුර ප්‍රදේශයේ පැවති ජනරැලියක් අමතමිනි.

    “විසඳුම මාලිමාව” යන මැයෙන් ජාතික ජන බලවේගය සංවිධාන කළ පානදුර ජන රැලිය එම බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) පස්වරුවේ පැවැත්වුණි.

    එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා,

    ” දැන් පසුගිය ජනාධිපතිවරණ ඡන්දය බැලුවොත් අපි ගම්වලට ඇවිත් කියනවා මේ රාජපක්ෂලා හොරකම් කළා, රට විශාල කඩා වැටීමකට ලක් කරලා කියලා අපි 2019 ජනාධිපතිවරණ වේදිකාවේ කියනවා. හැබැයි ඡන්දේ, ඡන්දේ අපිට 3% ක් ලැබුණා. ඒ අයට ලක්ෂ 69ක ලැබුණා. එතකොට ඒගොල්ලෝ මොකක්ද කියන්නේ. ඔයාලා හොරකම් කරනවා කිව්වාට ජනතාව අපිට ඡන්දේ දුන්නා. තමන්ගේ දූෂිත හා විනාශකාරී පාලනයට සුජාතභාවය ගත්තේ ජනතාව අනුමතකර ඇති මැතිවරණ ප්‍රතිඵලයෙන්. ඡන්ද ඕනේ වෙලා තිබුණේ ඒගොල්ලන්ට. ඇයි මේ සැරේ ඡන්දේ නැති වෙන්නේ. ඒගොල්ලන්ට ඡන්දේ නෑ. මාලිමාව ජයගන්න නියමිතව තිබුණා. බලය ලැබෙන්නේ නැතිනම් ඒගොල්ලන්ට තවදුරටත් ඡන්ද වැඩක් නෑ. ඒකනේ පෙන්නන්නේ. අපි කිව්වා රනිල් වික්‍රමසිංහට වරමක් නැහැ. ඔව් ජනවරමක් නැති එක ඇත්ත. රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුණේ ව්‍යවස්ථාවෙන්. ඒ කරලා හැම වේලාවේම අපිට මොකක්ද ව්‍යවස්ථාව තමා උත්තරීතර කියනවා. දැන් ව්‍යවස්ථාව කඩලා තියෙන්නේ කවුද ඒගොල්ලෝ. ව්‍යවස්ථාව උත්තරීතර වෙන්නේ ව්‍යවස්ථාව ඇතුළේ බලය රැකෙනකම් විතරයි. ඇයි දැන් මේ පස්සට අදින්නේ. මොකක් නිසාද? දීර්ඝ කාලයක් ඒගොල්ලන්ගේ අතේ තිබුණු බලය පොදුජන ව්‍යාපාරයකට මාරුවීමට නියමිත නිසා තමයි මේ වැඩේ කරන්නේ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,619 Views
    Don't Miss

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 202606 Views

    කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා…

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.