Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 2026

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

    July 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ශ්‍රී ලංකා – IMF එකඟතාවයේ වැදගත් කරුණු කිහිපයක්
    Featured

    ශ්‍රී ලංකා – IMF එකඟතාවයේ වැදගත් කරුණු කිහිපයක්

    By LFNMarch 21, 2023No Comments2 Mins Read322 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් බලාපොරොත්තු වූ මූල්‍ය පහසුකමට ඊයේ (20) ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ එකඟතාවය ලැබුණි.

    ඒ අනුව මාස 48ක් සඳහා වූ වැඩසටහනකට දෙපාර්ශවය එකඟ වී තිබේ.

    ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියන 3ක විස්තීර්ණ මූල්‍ය පහසුකම සැපයීම සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අද (21) පැවැත්වුණි.

    එහිදී මතුවූ විශේෂ කරුණු කිහිපයක්….

    * ශ්‍රී ලංකාවේ පළාත් පාලන මැතිවරණය කල් දමන ලෙස තමන් කිසිවිටෙකත් නිර්දේශ නොකළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැවසීය. “අපි ශ්‍රී ලංකාවේ පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මැදිහත්වුණේ නැහැ. එසේම යම් රටක මැතිවරණ ක්‍රමවේදයන් ගැන අපි මැදිහත්වෙන්නේ නෑ.”

    * පළමු වාරිකය ලෙස ඩොලර් මිලියන 333ක් දින දෙකක් ඇතුළත ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරියෙක් පැවසුවේ එම මුදල් රුපියල් බවට හරවා රජයේ ණය ගෙවීමට සහ අනෙකුත් වියදම් පියවා ගැනීමට භාවිත කළ හැකි බවය.

    * අප්‍රේල් අග වනවිට ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අවශ්‍ය සැලසුම ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කළ යුතුය. එමගින් ණය තිරසර බව පවත්වා ගෙන යෑමට අවස්ථාව ලැබෙයි.

    * සිදුවෙමින් ඇති ආර්ථික ප්‍රතිසංස්කරණ ඔස්සේ ඇතිවන ධනාත්මක ලක්ෂණ ඝෘජුවම ශ්‍රී ලංකාවේ ජනතාවට ප්‍රතිලාභ ලබාදීම පහසුකිරීම සඳහා දූෂණ විරෝධී සහ රාජ්‍ය පාලන ප්‍රතිසංස්කරණ කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

    * ජුනි වනවිට දැනට ක්‍රියාත්මක ආනයන – අපනයන සීමා ක්‍රමානුකූලව ඉවත්කිරීමට සැලසුම්කර තිබේ.

    * බදු ආදායම වර්ධනය විය යුත්තේ රටේ ආර්ථික සංවර්ධනයට උදව්වෙමින් සහ දුප්පත් සහ අවදානමට ලක්විය හැකි ජන කොටස් ආරක්ෂාවන ආකාරයටය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 2026

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    July 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,451 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,410 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,612 Views
    Don't Miss

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 202607 Views

    බෙල්ලන්විල ප්‍රදේශයේදී ඊයේ (25) රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීමට සම්බන්ධව සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන…

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

    July 24, 2026

    ජාලිය වික්‍රමසූරියට යළි වරෙන්තු

    July 22, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.