Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රුපියල යන්තම් නැගිටියි

    June 10, 2026

    අපනයන ඉපයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා පවතින රීති සංශෝධනය කෙරේ

    June 9, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සංගම්වල විරෝධය මැද ගුරුවරුන් 14,000 ක් උසස් පෙළ පිළිතුරු පත් පරීක්‍ෂාවට සූදානම්
    Featured

    සංගම්වල විරෝධය මැද ගුරුවරුන් 14,000 ක් උසස් පෙළ පිළිතුරු පත් පරීක්‍ෂාවට සූදානම්

    By LFNMarch 19, 2023No Comments2 Mins Read342 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙල විභාගයේ පිළිතුරු පත්‍ර සඳහා ලකුණු ලබා දීමේ ක්‍රියාවලිය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පැමිණෙන්නැයි විශ්ව විද්‍යාල ආචාර්යවරුන් වෙත යළිත් ලිඛිතව දැනුම් දී තිබෙනවා. ඒ, විභාග දෙපාර්තමේන්තුව විසින්. එම සාකච්ඡා හෙටින් ඇරඹෙන සතියේ අවස්ථා කිහිපයකදී පැවැත්වීමටයි විභාග දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත්තේ.

    ඒ සඳහා විශ්ව විද්‍යාල ආචාර්යවරුන් 300කට ආසන්න පිරිසකට කැඳවීම් කර ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ. ඒ අතර, විශ්‍රාමික විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ද සිටිනවා.

    උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර සහ ඊට අදාළ පිළිතුරු විශ්ව විද්‍යාල ආචාර්යවරුන් විසින් සම්පාදනය කර තිබෙනවා. ඒ අනුව දිවයිනේ සෑම දිස්ත්‍රිකයක්ම ආවරණ වන පරිදි සිසුන් විසින් සපයන ලද පිළිතුරු පත් කිහිපයක් අහඹු ලෙස තෝරා ගැනෙනවා. අදාළ ප්‍රශ්න පත්‍ර සඳහා විශ්ව විද්‍යාල ආචාර්යවරුන් විසින් ඉදිරිපත් කර ඇති පිළිතුරු හා සිසුන් විසින් ඉදිරිපත් කර ඇති පිළිතුරු පත් විශ්ලේෂණය කරන බවයි විභාග දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු පැවසුවේ.

    ඉන් අනතුරුව ඒ පිළිබඳ සාකච්ඡා කර විභාගයට පෙනී සිටි සිසුන්ට අසාධාරණයක් නොවන පරිදි ලකුණු ලබා දීමේ ක්‍රියා පටිපාටිය සකස් කෙරෙනවා. එම කටයුතු සඳහායි විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට පැමිණෙන ලෙස විභාග දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී ඇත්තේ.

    යම් හෙයකින් එම සාකච්ඡා සඳහා විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සහභාගී වන්නේ නම් ලබන 27වනදායින් ආරම්භ වන සතිය තුළ උසස් පෙළ පිළිතුරු පත් ඇගයීම් කටයුතු ආරම්භ කළ හැකි බවද විභාග දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියා පැවසුවා.

    කෙසේ වෙතත් තමන්ට ලබා දෙන දීමනාව වැඩි කරන තෙක් ඇගයීම් කටයුතු සඳහා සහභාගී නොවන බවයි ගුරු සංගම් පසුගිය කාල සීමාවේ පැවසුවේ. විභාග ඇගයීම් කටයුතු සඳහා පැමිණෙන ගුරුවරුන්ට දෛනික දීමනාව රුපියල් 2,000ක් දක්වා ඉහළ දැමුවද එයද ප්‍රමාණවත් නොවන බව ගුරු සංගම් පෙන්වා දෙනවා.

    උසස් පෙළ විභාගයේ පිළිතුරු පත් ඇගයීම් කටයුතු සඳහා සාමාන්‍යයෙන් ගුරුවරුන් 19,000ක් පමණ අවශ්‍ය වනවා. කෙසේ වෙතත් මේවනවිට පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සඳහා ගුරුවරුන් 14,000ක් ඉල්ලුම් කර ඇති බවයි එම උසස් නිලධාරියා පැවසුවේ.

    ඒ අනුව, විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ලකුණු ලබා දීමේ ක්‍රියා පටිපාටිය සඳහා එක් වී අවසන් තීරණයකට එළඹුන හොත් දැනට ඉල්ලුම් කර ඇති ගුරුවරුන් යොදා ගනිමින් දින ගණන වැඩි කරමින් සහ පිළිතුරු පත් පරීක්ෂා කරන වේලාව වැඩි කරමින් ඇගයීම් කටයුතු සිදු කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

    ඒ අනුව, දිවයිනේ ප්‍රධාන පාසල් කේන්ද්‍ර කර ගනිමින් ඇගයීම් කටයුතු සිදු කිරීමටයි එම දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත්තේ.

    ජුනි මාසය අවසන් වන විට උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමටයි විභාග දෙපාර්තමේන්තුව මීට පෙර තීරණය කර තිබුණේ.

    ලබන 27වනදායි ආරම්භ වන සතිය තුළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු ආරම්භ කිරීමට හැකි වුවහොත් ජූනි මාසය අවසන් වන විට ප්‍රතිඵල නිකුත් කිරීමට හැකි බවද එම උසස් නිලධාරියා වැඩිදුරටත් පැවසුවා.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රුපියල යන්තම් නැගිටියි

    June 10, 2026

    අපනයන ඉපයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා පවතින රීති සංශෝධනය කෙරේ

    June 9, 2026

    තරුණයෙකුට සහ පුද්ගලයෙකුට මරු කැඳවූ මාරක අනතුරු දෙකක්

    June 9, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,444 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,396 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,604 Views
    Don't Miss

    රුපියල යන්තම් නැගිටියි

    June 10, 2026013 Views

    අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වෙමින් පැවති ශ්‍රී ලංකා රුපියල අද (10) නැවතත් ශක්තිමත් වී ඇති…

    අපනයන ඉපයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා පවතින රීති සංශෝධනය කෙරේ

    June 9, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    තරුණයෙකුට සහ පුද්ගලයෙකුට මරු කැඳවූ මාරක අනතුරු දෙකක්

    June 9, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.