Close Menu
Lanka Focus News
    What's Hot

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026

    ප්‍රබල මත් ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් දිවයිනට රැගෙන එයි

    August 15, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»උත්සව සමයේ භාණ්ඩ මිලේ වෙනසක් ගැන ඉඟියක්
    Featured

    උත්සව සමයේ භාණ්ඩ මිලේ වෙනසක් ගැන ඉඟියක්

    By LFNMarch 19, 2023No Comments2 Mins Read323 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඩොලරයේ ඉල්ලුම සහ සැපයුම මත රුපියලේ අගය තීරණය වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

    ඔහු පෙන්වා දෙන්නේ, රුපියල ශක්තිමත්ව පවත්වාගෙන යාමට නම් අවම වශයෙන් ඩොලර් බිලියන 5ක වත් විදෙස් සංචිත අවශ්‍ය බවය.

    දෙහිඕවිට ප්‍රදේශයේ දි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා එම අදහස් පළ කළේය.

    “මේක මහ බැංකුව මගින් හිතාමතාම කරනවානම් සුමානෙන් අඩුවෙන්න දෙන්නේ නැහැනේ. ඩොලරයේ ඉල්ලුම සැපයමු මත ඇති වෙන තත්ත්වයක් මේත. අපි තාම කියනවා අපේ රටේ තියෙන සංචිත ප්‍රමාණය අඩුයි කියලා. දැන් පසුගිය මාසේ අවසානේ මහ බැංකුව නිවේදනය කළා, අපි ළඟ සංචිත ඩොලර් බිලියන 2.2ක් තියෙනවා කියලා. එකෙනුත් වැඩි ප්‍රමණායක් කොන්දේසි මත පාචිච්චි කරන්නයි හැකියාව තියෙන්නේ. අපි තාමත් දුර්වල තැනක ඉන්නේ අපේ සංචිතවලින්. එකයි උත්සහා කරන්නේ අපි අඩුමගානේ ඩොලර් බිලියන 5ක සංචිතවත් අපි ළඟ තියාගත යුතුයි. ඉතින් මේ ඉල්ලුම සැපයුම අතර ඩොලරයේ රුපියලේ වටිනාකම තීරණය වෙනකොට… අපි හිතමුකො ගල්අඟුරු ගෙන එන්න අපිට ඩොලර් දසලක්ෂ 100ක් 200ක් අවශ්‍ය වුණත් ඒකත් අපේ වෙළෙඳපොළට බලපානවා. අවුරුදු කාලේ අපේ රටේ තොග වෙළෙඳ මහතුන් වැඩිපුර බඩු තොගයක් ගෙන එන්න අවශ්‍යයි.. සීනි ටිකක්, පරිප්පු ටිකක් ගෙන එන්න ඔවුන් ඩොලර් මිලියන තුන් හාරසීයක් ඔවුන් අවශ්‍ය වුණොත් එකත් අපේ ඩොලර් සහ රුපියල් වටිනාකමට නැතිනම් වෙළෙඳපොළට බලපානවා. රුපියලේ වටිනාකම අඩුවෙලා… ආයේ ඩොලර් වැඩිපුර ඉල්ලන්නේ ආනයන සඳහා. එතකොට ඩොලරයේ අගය වැඩිවෙන්න පුළුවන්. එනිසා ඉල්ලුම සැපයුම මත වෙන සුවිශේෂි වෙළෙඳපොලක් තුළ කොයි විටකවත් අනවශ්‍ය විදිහට පාලනය කරන්න රජය උත්සාහ කරලා නැහැ.”

    “ඒ අනුව ඇත්තෙන්ම භාණ්ඩ මිලත් ටික කාලයට උච්චාවචනය වේවි. ඉතින් ඒකට මෙතෙක් මුහුණ දුන්නා. හැබැයි ඉතින් අපි කල්පනා කරන්න අවශ්‍යයි 360, 380 තිබුණු ඩොලරයේ සහ රුපියලේ සංසන්දනය දැන් මේ 320ට විතර පහළට ඇවිත් තියෙන්නේ 307ට ඇවිල්ලා 320ට වැඩිවෙලා කියලා අපි දකිනවා. ඉතින් ඒක සාමන්‍ය තත්ත්වයක්. හැබැයි තිබුණු පීඩනය අඩුවෙලා තිබෙනවා.”

    රටේ ආර්ථික ස්ථාවරයත්වයක් ඇති කර ගැනීමට නම් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහයෝගය ලබාගැනීම හැර වෙනත් පිළියමක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා වැඩිදුරටත් පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026

    ප්‍රබල මත් ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් දිවයිනට රැගෙන එයි

    August 15, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,416 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 202604 Views

    ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු…

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026

    ප්‍රබල මත් ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් දිවයිනට රැගෙන එයි

    August 15, 2026

    ජපානයේ දී තියුණු ආයුධයකින් පහරදී ශ්‍රී ලාංකික තරුණයෙකු මරුට

    August 13, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.