Close Menu
Lanka Focus News
    What's Hot

    විසි ලක්ෂයේ සංචාරකයා අද දිවයිනට

    November 20, 2026

    ලෝක බැංකු විධායක අධ්‍යක්ෂවරයා සහ අගමැති හරිනි අතර සාකච්ඡාවක්

    November 19, 2026

    81 වැනි ජන්ම දිනයට මහින්දට නාමල්ගෙන් සුබ පැතුම්

    November 18, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මෛත්‍රීපාලගේ පෙත්සම විභාගයට දින නියමකෙරේ
    Featured

    මෛත්‍රීපාලගේ පෙත්සම විභාගයට දින නියමකෙරේ

    By LFNMarch 17, 2023No Comments1 Min Read278 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ට එරෙහිව ගොනුකර තිබෙන පෞද්ගලික පැමිණිල්ලක් බලරහිත කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත්කළ රිට් පෙත්සම පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ජුලි 31 වනදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (17) නියෝග කළේය.

    එම පෙත්සම අද කැඳවනු ලැබූ අවස්ථාවේදී අභියාචනාධිකරණ සභාපති නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කළේය.

    ඒ අනුව අදාළ පෙත්සම ජුලි 31 සහ අගෝස්තු මස 09 වනදා විභාගයට ගන්නා බවත් විනිසුරු මඩුල්ල නියම කළේය.

    පාස්කු ඉරුදින දා ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදී එය නොසලකා හැර සාපරාධී ලෙස රාජකාරිය පැහැරහැරීම සම්බන්ධයෙන් සිරිල් ගාමිණී පියතුමා ඇතුළු දෙදෙනෙකු විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පුද්ගලික පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබුණි.

    එම පැමිණිල්ල සලකා බැලූ කොටුව මහෙස්ත්‍රාත්වරයා අදාළ පැමිණිල්ලේ සැකකරුවකු වශයෙන් නම්කර සිටින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අධිකරණයේ පෙනී සිටින්නැයි දන්වා සිතාසි නිකුත් කර තිබුණි.

    අදාල සිතාසිය නිකුත්කර තිබෙන ආකාරය නීතියට පටහැනි බවත් එබැවින් එය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින් මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අභියාචනාධිකරණය හමුවේ මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විසි ලක්ෂයේ සංචාරකයා අද දිවයිනට

    November 20, 2026

    ලෝක බැංකු විධායක අධ්‍යක්ෂවරයා සහ අගමැති හරිනි අතර සාකච්ඡාවක්

    November 19, 2026

    81 වැනි ජන්ම දිනයට මහින්දට නාමල්ගෙන් සුබ පැතුම්

    November 18, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,485 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,436 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,633 Views
    Don't Miss

    විසි ලක්ෂයේ සංචාරකයා අද දිවයිනට

    November 20, 202608 Views

    මේ වසරේ මෙරටට පැමිණි සංචාරකයින් අතුරින් විසි ලක්ෂයේ සංචාරකයා අද (20) දිවයිනට පැමිණ තිබේ. රුසියානු…

    ලෝක බැංකු විධායක අධ්‍යක්ෂවරයා සහ අගමැති හරිනි අතර සාකච්ඡාවක්

    November 19, 2026

    81 වැනි ජන්ම දිනයට මහින්දට නාමල්ගෙන් සුබ පැතුම්

    November 18, 2026

    අලි-මිනිස් ගැටුම අවම කිරීමට සහ අලි සංරක්ෂණයට නව තාක්ෂණික හා ප්‍රායෝගික විසඳුම් සෙවීමට අවධානය

    November 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.