Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලන ජාවාරමක්

    June 22, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ගුවන් පාළකවරුනුත් වෘත්තීය අරගලයට
    Featured

    ගුවන් පාළකවරුනුත් වෘත්තීය අරගලයට

    By LFNMarch 15, 2023No Comments2 Mins Read173 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ගුවන් ගමන් පාළකවරුන් අද (15) දින ක්‍රියාත්මක වෘත්තීය අරගලයට සහාය පළ කරමින්, දහවල් 12.00 සිට පස්වරු 02.00 දක්වා කාළය තුළ “අකුරට වැඩ කිරීමේ” වෘත්තීය ක්‍රියාමාර්ගක අද (15) නියැලීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ගුවන් ගමන් පාළකවරුන්ගේ සංගමයේ සභාපති තිසර අමරනන්ද මහතා පැවසීය .

    මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා ශ්‍රී ලංකාවෙන් පිටත් වන සහ පැමිණෙන ගුවන් යානා වල ප්‍රමාද වීම් සිදු විය හැකි බවට අනතුරු ඇගවීමක් මෙම සංගමය විසින් සිදු කරති .

    එහෙත් ශ්‍රී ලංකා ගුවන් සීමාව හරහා ඉහළින් ගමන් ගන්නා ගුවන් යානා , හදිසි අවශ්‍යතා සහිත ගුවන් යානා , වෛද්‍ය ආධාර සහ රෝගීන් රැගෙන යන ගුවන් යානා සහ ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කරන ගුවන් යානා සදහා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා බාධා ඇති නොවන බව ද තිසර අමරනන්ද මහතා අවධාරණය කළේය .

    කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සෑම සතියකම බදාදා දින පස්වරු 02.30 සිට 04.30 දක්වා කාළය තුළ සිය ධාවන පථයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුතු සදහා වසා තැබීම සිදු කරති .

    අනෙකුත් වෘත්තීය සමිති ඉදිරිපත් කර ඇති ඉල්ලීම් වලට අමතරව ගුවන් ගමන් පාළකවරුන් රට අතහැර යාම වැලැක්වීම සදහා යෝජනාවලිය වෙත රාජ්‍ය මට්ටමින් මෙතෙක් ප්‍රතිචාර නොමැති වීම , ශ්‍රී ලංකාවට ඉහළින් පියාසර කරන ගුවන් යානා වලින් අය කරන ගාස්තු වලින් 40% ක් මහා භාණ්ඩාගාරය වෙත ගෙවන ලෙස රජය ගැසට් මගින් නියෝග කිරීම නිසා , සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම විසින් ලබා ගෙන ඇති ණය මුදල් ගෙවීමට අමතරව මෙම ගාස්තු ගෙවීමට ද සිදු වීම නිසා සමාගම මූල්‍ය වශයෙන් පාඩු ලබන තත්වයකට පත් වී , විදේශීය සමාගමකට මෙම සමාගම ද අඅලෙවි කිරීමේ අවදානමකට ලක් වෙමින් පැවතීම යන කරුණු මුල් කර ගනිමින් තම සංගමය මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹෙන බව තිසර අමරනන්ද මහතා වැඩිදුරටත් පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලන ජාවාරමක්

    June 22, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,447 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,402 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,607 Views
    Don't Miss

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026049 Views

    අම්පාර ඩිපෝවට අයත් ලංගම බස් රථයක් වැල්ලම්පිටියේදී අනතු‍රට ලක්වී තිබේ. බස් රියදුරුට ඇති වූ හදිසි…

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලන ජාවාරමක්

    June 22, 2026

    ට්‍රැක්ටරයක් වියානා ඇලට පෙරළෙයි – රියදුරු අතුරුදන්

    June 22, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.