Close Menu
Lanka Focus News
    What's Hot

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඡන්දෙ ට අදාළ පෙත්සමක් ඉල්ලා අස් කරගනී
    Featured

    ඡන්දෙ ට අදාළ පෙත්සමක් ඉල්ලා අස් කරගනී

    By LFNMarch 14, 2023No Comments1 Min Read237 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මැතිවරණයට අදාළව සමගි ජන බලවේගයෙන් කොළඹ මහනගර සභාව සඳහා තරග වදින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද (14) ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් ඉල්ලා අස් කරගෙන තිබේ.

    පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට රජය විසින් සිදුකරනු ලබන බාධා කිරීම් වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා එම පෙත්සම ගොනුකර තිබුණි.

    මෙම පෙත්සම අද විජිත් මළල්ගොඩ, ශිරාන් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

    එහිදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයක් මතු නොවන බව සඳහන් කළේය.

    ඒ අනුව පෙත්සම ඉල්ලා අස් කර‍ගැනීමට අවසර දෙන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීම් කළේය.

    එම ඉල්ලීම පිළිගත් විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම ඉල්ලා අස් කරගැනීමට අවසර දුනි.

    මුජිබුර් රහුමාන් මහතා ගොනු කළ එම පෙත්සම තුළින් සඳහන් කර තිබුණේ රජය විසින් මූල්‍ය පහසුකම් සැපයීම, ඇතුළු විවිධ කාරණා හරහා පළාත් පාලන ඡන්ද විමසීමට සිදුකරන බාධා කිරීම් හේතුවෙන් නියමිත පරිදි පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇති බවය.

    මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් අදාළ පෙත්සමෙන් ඉල්ලා තිබුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 202604 Views

    මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ තෙවන රන්දෝලි පෙරහර අද (25) වීථි සංචාරය කිරීමට…

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.