Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කල් ඉකුත් වූ ඖෂධ අලෙවි කළ හපුතලේ ෆාමසියක් වටලයි

    May 21, 2026

    අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක ඇස්තමේන්තු මිල පරාසයන්

    May 21, 2026

    වෙසක් සතිය තුළ ආරක්ෂාව සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමක්

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»මාර්තු 15 රටට වෙන්න යන දේ
    Hot News

    මාර්තු 15 රටට වෙන්න යන දේ

    By LFNMarch 13, 2023No Comments2 Mins Read329 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව අද (13) දින බස්නාහිර, දකුණ, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වල සියලුම රෝහල් ආශ්‍රීතව වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

    රජයේ නව බදු ප්‍රතිපත්තිය, පොලී අනුපාතික ඉහළ දැමීම, විදුලි බිල වැඩි කිරීම, රාජ්‍ය සේවක ගැටලු සහ රජයේ මර්දනකාරි වැඩපිළිවෙළට එරෙහිව තමන් ගන්නා වෘත්තිය ක්‍රියාමාර්ග එළඹෙන සතිය තුළ තවදුරටත් තීව්‍ර කිරීමට වෘත්තීයවේදින්ගේ වෘත්තිය සමිති එකමුතුව පසුගියදා තීරණය කළේය.

    ඒ නව බදු ප්‍රතිපත්ති සංශෝධනය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සහ වෘත්තීයවේදින්ගේ එකමුතුව අතර ඉකුත් 10 වනදා පැවති සාකච්ඡා අසාර්ථක වීමත් සමග ය.

    ඒ අනුව ඉදිරි සතියේ සිය වෘත්තීය ක්‍රියාමාර්ග තීව්‍ර කරන බවත් එළඹෙන 15 වනදා දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බවත් වෘත්තීයවේදින්ගේ වෘත්තිය සමිති එකමුතුව මේ වන විට නිවේදනය කර තිබේ.

    එම වර්ජනයට සහාය පළකරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය, සමස්ත ලංකා හෙද සංගමය, ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සංවිධානය, සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය, ලංකා බැංකු සේවක සංගමය, රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය වෘත්තිය සමිති එකමුතුව, ගුරු විදුහල්පති වෘත්තිය සමිති එකමුතුව ඇතුලු පාර්ශ්ව රැසක් ඊයේ තහවුරු කළේය.

    කෙසේවෙතත් මේ මොහොතේ වෛද්‍යවරුන් වැඩවර්ජන ක්‍රියාමාර්ගවල නිරත වීම පිළිගත නොහැකි බව වෛද්‍ය වෘත්තීකයින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය මහින්ද ලියනගේ මහතා සඳහන් කළේය.

    මේ අතර මෙම වර්ජන ක්‍රියාමාර්ග රාජ්‍ය ත්‍රස්තවාදී කුමන්ත්‍රණයක් බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

    “රාජ්‍ය වෘත්තීය සමිති අන්තවාදී දේශපාලන පක්ෂවල අතකොලු වෙලා මේ IMF ව්‍යාපෘතිය කඩාකප්පල් කරන්න සැලසුම් කරන්නේ. අපි ඒක වගකීමෙන් කියනවා මේ කරන්න යන්නේ IMF එක කඩාකපල් කරලා නැවත වරක් රට අගාධයට පත්කරන්න, අඳුරු යුගයකට පත්කරන්න මේ කූඨ වැඩපිළිවෙලක් තමයි මේ කරගෙන යන්නේ. දැන් මේ කරන රාජ්‍ය ත්‍රස්තවාදී කුමන්ත්‍රණය සම්බන්ධයෙන් අපි තව සති දෙකකින් මේ රටට හෙළිදරව් කරන්න කටයුතු කරනවා. දැන් මේ වර්ජනය කරන සියල්ලම කොවිඩ් කාලේදී ගෙදර ඉඳගෙන පඩි ගත්තා. මම අභියෝග කරනවා මේ වර්ජනය කරන සෑම රාජ්‍ය නිලධාරියෙකුම, රාජ්‍ය සේවකයෙකුටම පුළුවන් නම් ජනතාව ගෙවන සල්ලිවලින් පඩි ගන්නේ නැතුව පුළුවන් තරම් වර්ජනය කරන්න. අපිත් උදව් කරනවා. පැහැදිලිවම අපි මේක රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක්.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ලොව සුප්‍රකට Mein Schiff 6 සුඛෝපභෝගී නෞකාව ප්‍රථම වරට ලංකාවට

    May 21, 2026

    සීදූවේ පාළු නිවසක ගමන් බෑගයක තිබූ කාන්තා නිරුවත් මළසිරුරක් සොයාගනී

    May 21, 2026

    ඉබෝලා වසංගතය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

    May 20, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    කල් ඉකුත් වූ ඖෂධ අලෙවි කළ හපුතලේ ෆාමසියක් වටලයි

    May 21, 202600 Views

    හපුතලේ, දඹේතැන්න මාර්ගයේ පිහිටි ෆාමසියකින් කල් ඉකුත් වූ ඖෂධ සහ මිල වෙනස් කළ ඖෂධ අලෙවි…

    අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක ඇස්තමේන්තු මිල පරාසයන්

    May 21, 2026

    වෙසක් සතිය තුළ ආරක්ෂාව සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමක්

    May 21, 2026

    මෙරට ප්ලාස්ටික් අපද්‍රව්‍ය ගැන දැනුම්වත්භාවය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.