Close Menu
Lanka Focus News
    What's Hot

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»විමල්ව අත්අඩංගුවට ගන්නැයි වරෙන්තුවක්
    Featured

    විමල්ව අත්අඩංගුවට ගන්නැයි වරෙන්තුවක්

    By LFNMarch 13, 2023No Comments1 Min Read164 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අල් හුසේන් කුමාරයා ලංකාවට පැමිණි අවස්ථාවේදී මහජනයාට පීඩාවක් වන ආකාරයට උද්ඝෝෂණයක නිරතවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු 07 දෙනෙකුට එරෙහිව කුරුඳුවත්ත පොලීසිය විසින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ගොනුකර තිබූ පැමිණිල්ලක් අද (13) දින කැඳවනු ලැබීය.

    එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අධිකරණය හමුවේ පෙනී නොසිටීම සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විසින් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට වරෙන්තුවක් නිකුත් කළේය.

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා මෙරට සංචාරයක නිරත වන අතරතුර මොවුන් එම උද්ඝෝෂණයේ නිරත වූ බව පොලීසිය අධිකරණයට දැනුම් දී තිබුණි.

    විමල් වීරවංශ, ජයන්ත සමරවීර, වීරකුමාර දිසානායක, රොජර් සෙනෙවිරත්න, මොහොමඩ් මුසම්මිල්, පියසිරි විජේනායක යන මහත්වරුන් ඇතුළු 7 දෙනෙකු සැකකරුවන් වශයෙන් නම්කොට ඇති අතර පා.ම විමල් වීරවංශ අධිකරණය හමුවේ පෙනී නොසිටිම සළකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විසින් වරෙන්තු නිකුත් කළ අතර නඩුව ලබන ජූනි මස 19 දින යළි කැඳවීමට නියම කළේය.

    විමල්ව අත්අඩංගුවට ගන්නැයි වරෙන්තුවක්

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 202601 Views

    ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නොහොත් ‘බස් ලලිත්’ දිවයිනට…

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.