Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 2026

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මානව හිමිකම් කොමිසමට යන්නේ නැහැ – ටිරාන් අලස්ගෙන් ප්‍රකාශයක්
    Featured

    මානව හිමිකම් කොමිසමට යන්නේ නැහැ – ටිරාන් අලස්ගෙන් ප්‍රකාශයක්

    By LFNMarch 12, 2023No Comments2 Mins Read213 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    තමන් හෙට දිනයේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී නොසිටින බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා. නිසි ක්‍රමවේදය යටතේ තමන් කොමිසමට කැඳවීම සිදුකර නොමැති තත්ත්වයක් මත කොමිසම හමුවේ පෙනී නොසිටින බවයි නෙත් නිවුස් කළ විමසීකදී අමාත්‍යවරයා පැවසුවේ.

    පසුගිය දින කිහිපයේ කොළඹ සහ කැළණිය විශ්ව විද්‍යාල අවට පැවති උද්ඝෝෂණ පාලනය කිරීම සඳහා පොලිසිය සහ ආරක්ෂක අංශ ක්‍රියා කළ ආකාරය පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තීරණය කර තිබුණා.

    ඒ අනුව මෙම උද්ඝෝෂණ මැඩ පැවැත්වීමට පොලිස් නිලධාරීන් අනුගමනය කරනු ලැබූ ක්‍රියා පිළිවෙත් පැහැදිලි කිරීමට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් හෙට දිනයේ කැඳවූ බවයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මීට පෙර නිවේදනය කළේ.
    එලෙස අමාත්‍යවරයා කොමිසම හමුවට කැඳවීමට සභාපතිනිය ගත් තීරණය සම්බන්ධයෙන් සෙසු සාමාජිකයන් සිව් දෙනා නොදන්නා බවයි වාර්තා වන්නේ.

    මේ අතර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ලබා දෙන නිර්දේශ ක්‍රියාත්මක නොකරන පුද්ගලයින්ට එරෙහිව එම කොමිසමට ශ්‍රේෂ්ඨාධිකරණය හෝ වෙනත් ආයතනයක් හමුවේ ක්‍රියා කිරීමට හැකියාව නොමැති බව මානව හිමිකම් ක්‍රියාකාරී ආචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාමහේවා පැවසුවා.

    මේ අතර දේශපාලන උපදේශනය, සාකච්ඡා මාර්ගයෙන් එකඟතා ඇතිකරගැනීම, ජාලකරණය සහ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා අභ්‍යන්තර කණ්ඩායම් ගොඩනැගීම පිළිබඳව සැසියක් පවත්වා තිබෙනවා. ඒ, අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ විසින්. විදේශ අමාත්‍යාංශයේ විදේශ සේවා නිලධාරීන් හා විදේශ දූත මණ්ඩල නිලධාරීන් වෙනුවෙන් මෙම සැසිය පවත්වා ඇත්තේ අන්තර්ජාලය ඔස්සේයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,470 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,422 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 202605 Views

    දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපය…

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026

    පාකිස්තාන රජයෙන් දැඩි වියදම් කප්පාදුවක්

    September 18, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.