Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මෝල්ටා මුහුදු තීරයේදී සංක්‍රමණික බෝට්ටුවක් පෙරළී 11ක් ජීවිතක්ෂයට

    June 8, 2026

    පිලිපීනයට ප්‍රබල භූ කම්පනයක්

    June 8, 2026

    දිස්ත්‍රික්ක 14ක ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් ඉහළට

    June 7, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඡන්ද පත්‍රිකා මුද්‍රණය තවදුරටත් ප්‍රමාද වෙයි
    Featured

    ඡන්ද පත්‍රිකා මුද්‍රණය තවදුරටත් ප්‍රමාද වෙයි

    By LFNMarch 12, 2023No Comments2 Mins Read147 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු තවදුරටත් පමා වන බව රජයේ මුද්‍රණයාලාධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය පවසයි.

    ඇය පවසන්නේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට අවශ්‍ය මුදල් මෙතෙක් රජයේ මුද්‍රණාලය වෙත ලැබී නොමැති බවය.

    පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව රජයේ මුද්‍රණාලය විසින් මේ වනවිටත් සිදුකර ඇති මූලික කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 200කට අධික මුදලක් ගෙවිය යුතුව පවතී.

    එහෙත් මෙතෙක් පළාත් පාලන මැතිවරණයට රජයේ මුද්‍රණාලය වෙත ලැබී ඇත්තේ රුපියල් මිලියන 40ක් පමණක් බව වාර්තා වේ.

    මැතිවරණයේ කටයුතු සඳහා රුපියල් මිලියන 500කට අධික මුදලක් වැයවනු ඇති බවට ඇස්තමේන්තු කර රජයේ මුද්‍රණාලය විසින් පසුගිය 08 වනදා මුදල් අමාත්‍යංශය වෙත දැනුම් දී තිබේ.

    කෙසේවෙතත් අදාළ දැනුම් දීම සම්බන්ධයෙන් මෙතෙක් මුදල් අමාත්‍යංශයෙන් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බව රජයේ මුද්‍රණයාලාධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය සඳහන් කළාය.

    එම නිසා ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට මෙතෙක් හැකියාවක් ලැබී නොමැති බවත් මුද්‍රණ කටයුතු ආරම්භ කිරීම සඳහා අවම වශයෙන් රුපියල් මිලියන 200ක මුදලක් රජයේ මුද්‍රණාලය වෙත ලැබිය යුතු බවත් ගංගානි ලියනගේ මහත්මිය සඳහන් කළාය.

    යම් හෙයකින් ඉදිරි සතිය තුළ එම මුදල රජයේ මුද්‍රණාලය වෙත ලැබුණ ද ලබන 20 වන දිනට පෙර තැපැල් ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිසමට බාරදීමේ හැකියාවක් නොමැති බව මුද්‍රණාලායාධිපතිනිය වැඩිදුරටත් පැවසුවාය.

    ඒ අනුව පවතින තත්ත්වය හමුවේ යළිත් වරක් පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය පිළිබඳ අවිනිශ්චිත තත්ත්වයක් මතුව තිබේ.

    මාර්තු මස 20 වන‍දාට පෙර තැපැල් ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිසම වෙත නොලැබුණහොත් මාර්තු 28 වන දින සිට පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු ආරම්භ කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතවේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026

    ඉදිරියේ දී QR ක්‍රමවේදය තදින් ක්‍රියාත්මක කරන්න පියවර ගන්නවා – බලශක්ති ඇමති

    June 1, 2026

    ඇමති සමන්ත විද්‍යාරත්නගෙන් ප්‍රකාශයක්

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,444 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,395 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,603 Views
    Don't Miss

    මෝල්ටා මුහුදු තීරයේදී සංක්‍රමණික බෝට්ටුවක් පෙරළී 11ක් ජීවිතක්ෂයට

    June 8, 202605 Views

    මෝල්ටාවට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී නීතිවිරෝධී සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් පෙරළී යාමෙන් අවම වශයෙන් පුද්ගලයන් 11…

    පිලිපීනයට ප්‍රබල භූ කම්පනයක්

    June 8, 2026

    දිස්ත්‍රික්ක 14ක ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් ඉහළට

    June 7, 2026

    බීමත් රියදුරෙකු කාන්තාවන් දෙදෙනෙකුට මරු කැඳවයි

    June 7, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.