Close Menu
Lanka Focus News
    What's Hot

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»විදුලි ගාස්තු සංශෝධනයට එරෙහිව ජනකගෙන් පෙත්සමක්
    Featured

    විදුලි ගාස්තු සංශෝධනයට එරෙහිව ජනකගෙන් පෙත්සමක්

    By LFNMarch 10, 2023No Comments2 Mins Read144 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෑතකදී විදුලි ගාස්තු සංශෝධනය කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ගත් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (10) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.

    එහි වගඋත්තරකරුවන් ලෙස මහජන උපයෝගීතා කොමිසම, එම කොමිසමේ සාමාජිකයන්, ලංකා විදුලිබල මණ්ඩල මණ්ඩලය, ලෙකෝ ආයතනය සහ නීතිපතිවරයා නම් කර තිබේ.

    විදුලි ගාස්තු සංශෝධනය කිරීම සඳහා වූ යෝජනාවක් ලංකා විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසම වෙත 2023 ජනවාරි මස 5 වැනිදා ඉදිරිපත් කළ අතර ඒ අනුව අදාළ කොමිසම විසින් පුවත්පත් දැන්වීම් පළ කර ඊට අදාලව විවිධ පාර්ශව ගෙන්වා අදහස් ලබාගත් බවද පෙත්සම්කරු පවසයි.

    පසුගිය පෙබරවාරි මස 13 සිට 24 වැනිදා දක්වා තමන් විදේශගත වී සිටි බවත් එම කාල සීමාවේ විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් පැවැති මාර්ගගත සාකච්ඡාවකදී මෙම ගාස්තු සංශෝධනය කිරීමට තමා විරුද්ධ වූ බව පෙත්සම්කරු කියා සිටී.

    එහෙත් අදාළ කොමිසමේ බහුතර සාමාජිකයන්ගේ එකඟතාවය මත මෙම ගාස්තු සංශෝධනය අනුමත කෙරුණු බවත් පෙත්සම්කරු කියා සිටියේය.

    මෙම ගාස්තු සංශෝධනය තුළින් අඩු විදුලි ඒකක සංඛ්‍යාවක් පරිභෝජනය කරන විදුලි පාරිභෝගිකයින්ට දැඩි අසාධාරණයක් සිදු වී ඇති බවත් ඔහු කියා සිටියේය.

    මහජන උපයෝගීතා කොමිසම යනු මහජනතාවගේ යහපත උදෙසා කටයුතු කිරීමට බැඳී සිටින ආයතනයක් යැයි පෙන්වා දෙන පෙත්සම්කරු එහෙත් මෙම විදුලි ගාස්තු සංශෝධනයට අනුමැතිය දීම තුළින් එම කොමිසම මහජන යහපතට පටහැණි ආකාරයෙන් කටයුතු කර ඇති බවත් එය නීතියට පටහැණි බවත් පෙන්වා දෙයි.

    එබැවින් ලංකා විදුලි බල මණ්ඩලය විසින් සිදුකළ විදුලි ගාස්තු වැඩි කිරීම තුළින් මෙරට මහ ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් අදාළ ගාස්තු සංශෝධනය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,619 Views
    Don't Miss

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 202606 Views

    කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා…

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.