Close Menu
Lanka Focus News
    What's Hot

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ප්‍රවාහන පහසුකම් ලබාදෙන මුවාවෙන් රැගෙන ගිය තරුණියව දූෂණය කරයි
    Featured

    ප්‍රවාහන පහසුකම් ලබාදෙන මුවාවෙන් රැගෙන ගිය තරුණියව දූෂණය කරයි

    By LFNMarch 10, 2023No Comments1 Min Read323 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ප්‍රවාහන පහසුකම් ලබාදෙන මුවාවෙන් 18 හැවිරිදි තරුණියක් ලොරි රථයට නංවාගෙන ගොස් දූෂණය කිරීමේ සිද්ධියක් වාර්තා විය.

    සැකකරුවන් විසින් ඇයව වාද්දුව ප්‍රදේශයේ හුදකලා වත්තකට රැගෙන ගොස් වරින්වර දූෂණය කර ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළිවී තිබේ.

    පොලීසිය සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු සහ තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බවය.

    අතවරයට ලක්වූ 18 හැවිරිදි තරුණිය කළුතර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇත.

    පානදුර ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කරන අදාළ තරුණිය සේවය නිමවා රාත්‍රියේ නිවසට යමින් සිටියදී කුඩා ලොරි රථයක් ඇය අසල නවතා හැඳුනුම්කමක් පෙන්වා ඉතා සූක්ෂම ලෙස ඇයව ලොරියට නංවාගෙන තිබේ.

    ලොරි රථය පින්වත්ත දෙසට ගමන් කිරීමේදී තමන්ට බැසීමට අවශ්‍ය බවට තරුණිය පවසා ඇති අතර රථය නොනවත්වා වාද්දුව ප්‍රදේශයේ පාළු වත්තකට ධාවනය කර ඇති බවද පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත.

    සිද්ධිය සම්බන්ධයෙන් තරුණිය පොලීසියට ප්‍රකාශයක් ලබාදී ඇති අතර ඒ අනුව රියදුරා සහ අනෙක් පුද්ගලයා ඇයව වරින්වර දූෂණය කළ බවට අනාවරණය වී ඇති බව විමර්ශනය සිදුකරන පොලිස් නිලධාරියෙකු පැවසීය.

    උසස් පොලිස් නිලධාරියෙකු පැවසුවේ, එම තරුණිය මිත්තණිය භාරයේ හැදීවැඩී ඇති අතර මව බන්ධනාගාරගතව ඇතැයි ද මවගේ තෙවන සැමියා මත්කුඩු චෝදනාවක් හේතුවෙන් බන්ධනාගාරගතවී සිටින බවද හෙළිවී ඇති බවය.

    සිද්ධිය සම්බන්ධයෙන් පානදුර දකුණ පොලීසිය පරීක්ෂණ පවත්වයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 202603 Views

    වප් පුර පසලොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ. සත්වන වස් කාලය ගත කිරීමට තව්තිසා දෙව්ලොවට…

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.