Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලන ජාවාරමක්

    June 22, 2026

    ට්‍රැක්ටරයක් වියානා ඇලට පෙරළෙයි – රියදුරු අතුරුදන්

    June 22, 2026

    ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

    June 22, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ප්‍රවාහන පහසුකම් ලබාදෙන මුවාවෙන් රැගෙන ගිය තරුණියව දූෂණය කරයි
    Featured

    ප්‍රවාහන පහසුකම් ලබාදෙන මුවාවෙන් රැගෙන ගිය තරුණියව දූෂණය කරයි

    By LFNMarch 10, 2023No Comments1 Min Read321 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ප්‍රවාහන පහසුකම් ලබාදෙන මුවාවෙන් 18 හැවිරිදි තරුණියක් ලොරි රථයට නංවාගෙන ගොස් දූෂණය කිරීමේ සිද්ධියක් වාර්තා විය.

    සැකකරුවන් විසින් ඇයව වාද්දුව ප්‍රදේශයේ හුදකලා වත්තකට රැගෙන ගොස් වරින්වර දූෂණය කර ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළිවී තිබේ.

    පොලීසිය සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු සහ තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බවය.

    අතවරයට ලක්වූ 18 හැවිරිදි තරුණිය කළුතර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇත.

    පානදුර ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කරන අදාළ තරුණිය සේවය නිමවා රාත්‍රියේ නිවසට යමින් සිටියදී කුඩා ලොරි රථයක් ඇය අසල නවතා හැඳුනුම්කමක් පෙන්වා ඉතා සූක්ෂම ලෙස ඇයව ලොරියට නංවාගෙන තිබේ.

    ලොරි රථය පින්වත්ත දෙසට ගමන් කිරීමේදී තමන්ට බැසීමට අවශ්‍ය බවට තරුණිය පවසා ඇති අතර රථය නොනවත්වා වාද්දුව ප්‍රදේශයේ පාළු වත්තකට ධාවනය කර ඇති බවද පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත.

    සිද්ධිය සම්බන්ධයෙන් තරුණිය පොලීසියට ප්‍රකාශයක් ලබාදී ඇති අතර ඒ අනුව රියදුරා සහ අනෙක් පුද්ගලයා ඇයව වරින්වර දූෂණය කළ බවට අනාවරණය වී ඇති බව විමර්ශනය සිදුකරන පොලිස් නිලධාරියෙකු පැවසීය.

    උසස් පොලිස් නිලධාරියෙකු පැවසුවේ, එම තරුණිය මිත්තණිය භාරයේ හැදීවැඩී ඇති අතර මව බන්ධනාගාරගතව ඇතැයි ද මවගේ තෙවන සැමියා මත්කුඩු චෝදනාවක් හේතුවෙන් බන්ධනාගාරගතවී සිටින බවද හෙළිවී ඇති බවය.

    සිද්ධිය සම්බන්ධයෙන් පානදුර දකුණ පොලීසිය පරීක්ෂණ පවත්වයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලන ජාවාරමක්

    June 22, 2026

    ට්‍රැක්ටරයක් වියානා ඇලට පෙරළෙයි – රියදුරු අතුරුදන්

    June 22, 2026

    ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

    June 22, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,445 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,401 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,607 Views
    Don't Miss

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලන ජාවාරමක්

    June 22, 202606 Views

    දිවයින පුරා බොහෝ ප්‍රදේශවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ලබා ගැනීම් රාශියක් වාර්තා…

    ට්‍රැක්ටරයක් වියානා ඇලට පෙරළෙයි – රියදුරු අතුරුදන්

    June 22, 2026

    ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

    June 22, 2026

    ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

    June 22, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.