Close Menu
Lanka Focus News
    What's Hot

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»ඔස්ට්‍රේලියාවට සුපිරි ජයක්
    Sport

    ඔස්ට්‍රේලියාවට සුපිරි ජයක්

    By LFNMarch 5, 2023No Comments1 Min Read130 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉන්දීය කණ්ඩායම සමග පැවති තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 09ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත්ව තිබේ.

    ඒ තරගය ජයග්‍රහණය සඳහා හිමිව තිබූ ලකුණු 76ක පහසු ඉලක්කය එක් කඩුල්ලක් පමණක් දැවී පසුකර යාමට මීට ටික වේලාවකට පෙර ඔවුන් සමත් වීමත් සමගයි.

    ඉන්ඩෝර් හි පැවති එම තරගයේ ඉන්දීය පළමු ඉනිම ලකුණු 109කට සීමා කිරීමට ඔස්ට්‍රේලියානු පන්දුයවන්නන් සමත් වූ අතර පළමු ඉනිමේදී ඔස්ට්‍රේලියාව සියලුදෙනා දැවී ලකුණු 197ක් ලබාගත්තේය.

    ඉන්දීය දෙවන ඉනිම ලකුණු 163කට සීමා වීම හේතුවෙන් ඔස්ට්‍රේලියාවට ජයග්‍රහණය සදහා හිමිවූ ඉලක්කය ලකුණු 76කි.

    කෙසේවෙතත් තරග 04කින් සමන්විත ටෙස්ට් තරගාවලිය දෙකට එකක් ලෙස තවදුරටත් පෙරමුණ ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්ව තිබේ.

    ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ ශ්‍රී ලංකාවට තවදුරටත් රැඳී සිටීමට නම් මෙම තරගය ඔස්ට්‍රේලියා කණ්ඩායම ජයගැනීමට අවශ්‍ය විය.

    මෙම ජයත් සමඟ ලෝක ටෙස්ට් ශූරතාවයේ අවසන් මහා තරගයේ සිය ස්ථානය වෙන්කරගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්විය.

    මේ අතර ඔස්ට්‍රේලියා කණ්ඩායම සමඟ එළඹෙන 09 වනදා ඇරඹෙන සිව්වන ටෙස්ට් තරගය ඉන්දීය කණ්ඩායම ජයගැනීමට සමත්වුවහොත් අවසන් මහා තරගයට පිවිසීමට ඔවුන්ට තවත් අවස්ථාවක් හිමිව තිබේ.

    මේ අතර එම තරගයෙන් ඉන්දීය කණ්ඩායම පරාජය වුවහොත්, එළඹෙන 09 වනදා ඇරඹෙන නවසීලන්ත ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය 2ට 0ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්වුවහොත් ලෝක ටෙස්ට් ශූරතාවයේ අවසාන තරගයට ශ්‍රී ලංකාවට එක්වීමට වාසනාව හිමිවේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු 2026 IPL කිරුළ තමන් සතු කරගනී

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 202603 Views

    පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා ද දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර මාර්ගගත ක්‍රමයට ලබාදීමේ පහසුකම එළඹෙන සැප්තැම්බර්…

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.