Close Menu
Lanka Focus News
    What's Hot

    එජාපයේ 80 වැනි සංවත්සර සැමරුම අද

    September 6, 2026

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 2026

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රුපියල ශක්තිමත් වූ හේතුව හෙළිකරයි
    Featured

    රුපියල ශක්තිමත් වූ හේතුව හෙළිකරයි

    By LFNMarch 4, 2023No Comments2 Mins Read526 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල  තවත් ශක්තිමත් වී තිබුණි.

    ඒ අනුව ඩොලරයක ගැනුම් මිල රුපියල් 334.50ක් ලෙස අද සටහන් වෙද්දී එහි විකිණුම් මිල දැක්වුණේ රුපියල් 348.03ක් ලෙසිනි.

    පසුගිය දින 07ක කාලය තුළදී අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ශක්තිමත්වු අතර මාස 10කට පසුව අමෙරිකානු ඩොලරයක් වෙනුවෙන් මෙරට වාර්තා වූ අවම රුපියලේ අගය අද සටහන් වී තිබුණි.

    මෙලෙස රුපියල ශක්තිමත්වීම වාර්තා වන්නේ ලෝක බැංකුවට අනුබද්ධ ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතාව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය සඳහා මෙරට පෞද්ගලික බැංකු තුනකට ඩොලර් මිලියන 400ක මූල්‍යාධාරයක් ලබාදුන් පසුබිමකය.

    මේ අතර ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීමට බලපෑ හේතු කිහිපයක් කැල් (CAL) ආර්ථික පර්යේෂණ ආයතනය ඉදිරිපත් කර තිබුණි.

    ඒ අනුව, මෙරට ආනයන අපනයන වෙළෙඳ පරතරය අඩුවීම, විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ හා සංචාරක ව්‍යාපාරයේ විදේශ විනිමය ආදායම ඉහළ යාම, ඩොලරය දුර්වල වීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය මුදල ශ්‍රී ලංකාවට හිමිවීමේ අපේක්ෂාව මත රුපියල තවදුරටත් ශක්තිමත් විය හැකි බැවින් ඩොලර් ශ්‍රී ලංකා මුදල්වලට පරිවර්තනය කිරීම ඉහළ යාම සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අපනයන ආදායම් සහ ප්‍රේෂණ සඳහා වූ රෙගුලාසි ලිහිල් කිරීම එලෙස රුපියල ශක්තිමත්වීමට බලපෑ කරුණු අතර වන බවය.

    පෞද්ගලික අංශයේ ණය ඉල්ලුම පහතවැටීමෙන් මෙරට විදේශ විනිමය සංචිත පිටතට ගලායාම අවමවීමද රුපියල ශක්තිමත්වීම කෙරෙහි බලපෑ ඇති බව වාර්තා වෙයි.

    මේ අතර ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා විසින් සියලුම වාණිජ බැංකු ප්‍රධාන විධායක නිලධාරීන් වෙත දැනුම්දී ඇත්තේ අන්තර් බැංකු විනිමය හුවමාරු ගනුදෙනුවලදී ”ස්පොට් රේට්” සීමාව යටතේ අවම සහ උපරිම අගයේ සීමාව රුපියල් 10ක මට්ටමක පවත්වාගෙන යාමටය.

    මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ වනවිට ශ්‍රී ලංකාවට විස්තීර්ණ ණය මුදලක් ලබාදීම සඳහා තීරණයකට එළැඹ ඇතැයි වන උපකල්පනය තුළ කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක ඉහළ යාමක් අද දක්නට ලැබුණි.

    ඒ අනුව සමස්ත මිල දර්ශකය ඒකක 111.09කින් ඉහළ ගොස් සටහන් වූයේ 9,444.92ක් ලෙසය.

    කොළඹ කොටස් වෙළෙඳපොළ අද දිනයේ මුළු පිරිවැටුම රුපියල් බිලියන 2.8කි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026

    ඉදිරියේ දී QR ක්‍රමවේදය තදින් ක්‍රියාත්මක කරන්න පියවර ගන්නවා – බලශක්ති ඇමති

    June 1, 2026

    මාතර – හක්මණ මාර්ගයේ විශේෂ රථවාහන සැලැස්මක්

    May 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,466 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    එජාපයේ 80 වැනි සංවත්සර සැමරුම අද

    September 6, 202604 Views

    එක්සත් ජාතික පක්ෂයේ 80 වැනි සංවත්සර සැමරුම අදට (06) යෙදී තිබේ. ඒ වෙනුවෙන් වූ සැමරුම්…

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 2026

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.