Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලන ජාවාරමක්

    June 22, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බහු කාර්යයේ 2300ක් දුම්රියට
    Featured

    බහු කාර්යයේ 2300ක් දුම්රියට

    By LFNMarch 4, 2023No Comments3 Mins Read236 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක දෙපාර්තමේන්තුවේ පුහුණුවලත් බහුකාර්ය සංවර්ධන සහායකවරුන් 2300ක් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය කාර්ය සහයකවරු ලෙස බඳවා ගැනීමට කටයුතු කර තිබේ.

    ඊට අදාල පත්වීම් බෙදාදීම 2023.03.03 දින  අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරනු ලැබීය.

    මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ  රජය ප්‍රතිපත්තිමය වශයෙන් සේවා ස්ථානවල වැඩ කටයුතු  භාර ගෙන කටයුතු කරන්නට හැකියාව ඇති   තරුණ පරම්පරාවට  සෑමවිටම අවස්ථාව ලබාදෙන බවයි.

    ඒ අනුව ඉදිරි මාස කිහිපය තුළ තවත් මේම සේවාවට අන්තර් ගතව සිටින 30,000කට පමණ විවිධ සේවා ස්ථානවල රැකියා අවස්ථාවට පිවිසීමට  හැකි තීරණ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද අග්‍රාමාත්‍යවරයා කීය.

    ‍”ඉතාම දුෂ්කර අමාරු කාල පරිච්ඡේදයක් ගත කළ බව ඇමතිතුමා සඳහන් කළා. එය අප කාටත් අමාරු කාලපරිච්ඡේදයක්.  රජය ගනු ලැබූ මෙම තීරණය  ක්‍රියාත්මක කිරීමට  බන්දුල ගුණවර්ධන ඇමතිතුමා , ප්‍රවාහන අමාත්‍යංශය, දුම්රිය දෙපාර්තමේන්තුව පළවෙනියෙන් තෝරා ගැනීම අපට විශාල ජයග්‍රහණයකට අත දෙන්නට එක්වුණා.

    ජනාධිපතිතුමා විසින් මෙම දෙපාර්තමේන්තුව රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා හැටියට මා වෙත පවරා තිබෙන නිසා මෙම කටයුතු ඉක්මනින් අප නිම නිම කරන්නට ක්‍රියා කරන වැඩසටහනකට අවතීර්ණ වී තිබෙනවා. ඒ අනුව ඉදිරි මාස කිහිපය ගත වන්නට පෙර ඔබ වැනි තවත් මේ සේවාවට අන්තර් ගතව සිටින 30,000කට පමණ විවිධ සේවා ස්ථානවල කටයුතු කරන ඔබේ සහෝදර සහෝදරියන්ට ඒ ඒ දෙපාර්තමේන්තු ඒ ඒ ප්‍රදේශවල  රැකියා අවස්ථාවට පිවිසීමට පුළුවන් තීරණ ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.

    ඩී එස් සේනානායක අග්‍රාමාත්‍යතුමා  ලංකාවේ පළවෙනි අග්‍රාමාත්‍යතුමා. ඉඩම් හා වාරිමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යවරයා හැටියට ඩොනමෝර් ආණ්ඩුක්‍රමය යටතේ තිබුණ   රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කටයුතු  කරනකොට තමයි අද තිබෙන මින්නේරිය ජනපදය ආරම්භ කරන්නට ගියේ.

    හද්ද කැලෑව. නමුත් ඒ හරහා දුම්රිය ගමන් කරනවා.  දුම්රියෙන් එතුමා ගිහිල්ලා   ඉංජිනේරුවන් සහ අනෙකුත් නිලධාරීන් සමඟ සාකච්ඡා කරලා ඒ පිරිස එතනින් බැහැල පලවෙනි මින්නේරිය ජනපදය ඇතිකරන්නට ගමන් කළා.  ඉතින් දුම්රියෙන් යන කොට බැහැලා පොඩ්ඩක් ගිහිල්ලා බැලුවොත් ඩී එස් සේනානායක මහත්තයා පළවෙනියෙන් නාපු ඒ උල්පත තවම තියෙනවා.  දැන් ඊට වඩා විශාලයි. එය අපේ රටේ කීදෙනෙක් දන්නවද. කීදෙනෙක් එක දැක තියෙනවද.

    එහි එතුමා සමග පළවෙනි පස් පිඩැල්ල කපපු මැතිතුමා මේ ලඟදි අප අතරින් වෙන්ව ගියා.   අද මේ මහා ප්‍රදේශය දියුණු ප්‍රදේශයක් බවට පත් කරන්නට පත්කරන්නට දුම්රිය දැවැන්ත කර්තව්‍යයක් ඉටු කළා. ඒ නිසා මහ ජනපද බිහිවුණා.  ඒවායේ පදිංචි වුණු ජනතාවගේ ජන ජීවිතයම පමණක් නොව රටේ සංවර්ධනයට දැවැන්ත හයියක් වූ කෘෂිකර්මාන්තයේ දියුණුවක්ද ඇති කරන්නට පුළුවන්කම ඇති වුණා. ඒ නිසා මම විශ්වාස කරනවා මේ දුම්රිය  දෙපාර්තමේන්තුව  ඉතාම දියුණු සේවාවක් බවට පරිවර්තනය කිරීමේ වැඩසටහනට ඔබ සැම කැපවීඋනන්දුවෙන් අධිෂ්ඨානයෙන් කටයුතු කළ යුතුයි.

    මේ ලැබෙන්නේ සේවා ස්ථානයක් පමණක් නොව රටක දියුණුවේ අනාගතයයි. රටේ සංවර්ධනයේ වැඩ රාශියක් ඉටු කළ හැකි සේවාවක් බවට දුම්රිය පරිවර්තනය කර ගැනීමේ අනාගතයට ගමන් කරන්නට පලවෙනි පියවර ඇති කිරීමේ අවස්ථාවට එක්වන්නට පුළුවන් වීම ගැන යළිත් සතුටට පත්වෙනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026

    ඉදිරියේ දී QR ක්‍රමවේදය තදින් ක්‍රියාත්මක කරන්න පියවර ගන්නවා – බලශක්ති ඇමති

    June 1, 2026

    මාතර – හක්මණ මාර්ගයේ විශේෂ රථවාහන සැලැස්මක්

    May 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,447 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,402 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,607 Views
    Don't Miss

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026045 Views

    අම්පාර ඩිපෝවට අයත් ලංගම බස් රථයක් වැල්ලම්පිටියේදී අනතු‍රට ලක්වී තිබේ. බස් රියදුරුට ඇති වූ හදිසි…

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලන ජාවාරමක්

    June 22, 2026

    ට්‍රැක්ටරයක් වියානා ඇලට පෙරළෙයි – රියදුරු අතුරුදන්

    June 22, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.