Close Menu
Lanka Focus News
    What's Hot

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»ලංගම සේවකයින්ට පෙබරවාරි වැටුප් ගෙවීමට එකඟත්වය
    Local News

    ලංගම සේවකයින්ට පෙබරවාරි වැටුප් ගෙවීමට එකඟත්වය

    By LFNMarch 3, 2023No Comments2 Mins Read347 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකා ගමනාගමන මණඩලයේ සේවකයින්ට අදාළ 2023 පෙබරවාරි මස වැටුප් මීට ඉහත මාසවල ගෙවීම් කළ ආකාරයටම ප්‍රමාදයකින් තොරව ගෙවීමට අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී පසුගියදා එකඟත්වය පළ විය.

    ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී මෙම එකඟත්වය පළ විය.

    පසුගිය කාල වකවානුවන්හිදී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය දේශපාලනීකරණයවීමේ ගැටලුවට මුහුණ දුන් බවත් එම නිසා සේවකයින් බඳවා ගැනීමේදී නිසි ක්‍රමවේදයන් අනුගමනය නොකිරීම හේතුවෙන් මතුව ඇති ගැටලු විසඳීමට පියවර ගෙන ඇති බව මෙහිදී ගරු අමාත්‍යවරයා විසින් සඳහන් කරන ලදී. ඒ අනුව සේවක වැටුප් සම්බන්ධ ගැටලු විසඳීම සඳහා ජාතික වැටුප් හා සේවක කොමිෂන් සභාව සමඟ තවදුරටත් සාකච්ඡා කරමින් සිටින බවද අමාත්‍යවරයා සඳහන් ක‍ලේය.

    ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් අකර්මන්‍ය තත්වයට පත්ව ඇති බස් රථ 400ක් ඇතුළුව බස්රථ 1800කට අධික ප්‍රමාණයක් මේ වසරේ ධාවනයට එක් කිරීමට අපේක්ෂා කරන බවද මෙහිදී සඳහන් විය. අවශ්‍ය රියදුරන් සහ කොන්දොස්තරවරුන් කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා කාරක සභාවට දැනුම් දුන්නේය. තවද ඉන්දීය රජයේ ණය යෝජනා ක්‍රමය යටතේ කුඩා බස්රථ 500ක් හිමිවීමට නියමිත බවත් තවත් විශාල බස්රථ 100ක් ලබන වසරේදී ලබාදීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් ක‍ලේය.

    මේ අතර ප්‍රමාණවත් මූල්‍ය ප්‍රතිපාදන නොමැතිකම හේතුවෙන් විවිධ මාර්ග සංවර්ධන කටයුතු අත්හිටුවීමට සිදුව ඇති බවද මෙහිදී සාකච්ඡා විය. විදේශ ණය වැඩසටහන් යටතේ ආරම්භ කර ඇති සංවර්ධන ව්‍යාපෘති සඳහා සියලු ණය අත්හිටුවා ඇති බවත් ‍රටේ වත්මන් අර්බුදය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවකට පැමිණියහොත් අත්හිටුවා ඇති වෙනත් ණය ආධාර ලබාගත හැකි බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කලේය.

    තවද, මෝටර් වාහන පනත යටතේ 2022 ඔක්තෝබර් 10 දිනැති අංක 2031/17 දරන ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද රෙගුලාසි සහ 2022 නොවැම්බර් 14 දිනැති අංක 2036/02 දරන ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද රෙගුලාසි සඳහා ද කාරක සභාවේ එකඟත්වය මෙහිදි හිමිවිය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 202608 Views

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන…

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.