Close Menu
Lanka Focus News
    What's Hot

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ගැබිනියන් වෙනුවෙන් ඇමෙරිකාවෙන් ටොන් 2ක පෝෂණ අතිරේක
    Featured

    ගැබිනියන් වෙනුවෙන් ඇමෙරිකාවෙන් ටොන් 2ක පෝෂණ අතිරේක

    By LFNMarch 2, 2023No Comments2 Mins Read325 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකාවේ මන්දපෝෂණ අවදානමක සිටින ගැබිනි කාන්තාවන් ලබාදීම වෙනුවෙන්න් හදිසි අවශ්‍ය පෝෂණ අතිරේක ටොන් 2ක ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ලබාදීමට ඇමෙරිකෙයාර්ස් ආයතනය කටයුතු කර තිබේ. ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතාගේ මඟපෙන්වීම යටතේ වොෂිංටන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිල ඉල්ලීමකට අනුව ඇමෙරිකෙයාර්ස් ආයතනය මෙම පරිත්‍යාගය කර තිබේ. එම ආයතනය සෞඛ්‍ය කේන්ද්‍ර කරගත් සහන සහ සංවර්ධන ආයතනයකි.

    ගැබිනි කාන්තාවන්ගේ පෝෂණ සෞඛ්‍යයට සහය වීමට සහ ළදරුවන්ගේ උපත් ප්‍රතිඵල වැඩිදියුණු කිරීමට ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයට බහු-පෝෂක අතිරේක අතිශයින් අවශ්‍ය වෙයි. පරිත්‍යාග කරන ලද පෝෂණ අතිරේකවලින් ගර්භනී කාන්තාවන් 16,000 කට වැඩි පිරිසකට ප්‍රතිලාභ ලැබෙනු ඇත.

    සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකරණයෙන්, Americares විසින් පෝෂණ අතිරේක ටොන් 2 කට වැඩි ප්‍රමාණයක් අඩංගු නැව්ගත කිරීම 2023 පෙබරවාරි 24 වන දින කොළඹට පැමිණ ඇත .

    “රටේ ජාතික පෝෂණ අතිරේක අත්‍යාවශ්‍ය මොහොතක, අපේ රටට සහය වීමට Americares සංවිධානය දරන ත්‍යාගශීලි උත්සාහය පිළිබඳව අපගේ අවංක ප්‍රශංසාව සහ කෘතඥතාව පළ කරනවා,” තානාපති මහින්ද සමරසිංහ මහතා පැවසීය.

    මීට අමතරව, පරපෝෂිත පණු ආසාදනවලින් පෙළෙන රෝගීන්ට ප්‍රිතිකාර කිරීම සඳහා ඖෂධ ටොන් 1කට ආසන්න ප්‍රමාණයක් අඩංගු දෙවන නැව්ගත තොගය Americares විසින් ලංකාවට මෑතකදී භාර දෙන ලදී. මෙම පරිත්‍යාගය රෝගීන් 227,000 කට වැඩි පිරිසකට ප්‍රිතිකාර කිරීමට උපකාරී වේ. “මෙම ඖෂධ  ලංකාව තුළ හිඟයක් පවතින අතර, Americares වෙතින් අපට ලැබුණු පරිත්‍යාගයේ රෝගීන්ට, විශේෂයෙන් ළමයින්ට ප්‍රතිකාර කිරීම සඳහා වහාම භාවිත කරන ලදී,” තානාපති සමරසිංහ පැවසීය.

    හදිසි අවස්ථා සහ අඛණ්ඩ අවශ්‍යතා සඳහා ප්‍රතිචාර වශයෙන් ඖෂධ, වෛද්‍ය සැපයුම් සහ සහන ද්‍රව්‍ය බෙදා හැරීම ඇතුළුව ලංකාවට ආධාර සැපයීමේ දිගු ඉතිහාසයක් Americares සංවර්ධන සතුව ඇත.

    Americares යනු දරිද්‍රතාවයෙන් හෝ ව්‍යවසනවලින් පීඩාවට පත් වූ පුද්ගලයින්ගේ ජීවිත ආරක්ෂා කරන සහ සෞඛ්‍යය වැඩි දියුණු කරන සෞඛ්‍ය කේන්ද්‍ර කරගත් සහන සහ සංවර්ධන සංවිධානයකි. මෙය වසර 40 කට පෙර ස්ථාපිත කර ඇති අතර  ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් 164 කට ඩොලර් බිලියන 22 කට අධික ආධාර ලබා දී ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026

    ඉදිරියේ දී QR ක්‍රමවේදය තදින් ක්‍රියාත්මක කරන්න පියවර ගන්නවා – බලශක්ති ඇමති

    June 1, 2026

    මාතර – හක්මණ මාර්ගයේ විශේෂ රථවාහන සැලැස්මක්

    May 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 202603 Views

    වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් වගා හානි සිදුවූ දිස්ත්‍රික්ක රැසක වගා බිම් සඳහා වන්දි ගෙවීම අද…

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.