Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ප්‍රදේශ රැසක රන්මාල කැඩූ සැකකරුවෙකු අත්අඩංගුවට

    June 16, 2026

    අධිවේගයේ ETC පරිශීලකයින්ට සෑම ගමන් වාරයකටම සියයට 10 ක වට්ටමක්

    June 15, 2026

    ඉරානය සමඟ එකඟතාව සම්පූර්ණයි – ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

    June 15, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Uncategorized»කදුකර කොටියෙකුගේ පහර දීමකින් වතු කම්කරුවෙක් තුවාල ලබයි
    Uncategorized

    කදුකර කොටියෙකුගේ පහර දීමකින් වතු කම්කරුවෙක් තුවාල ලබයි

    By LFNMarch 2, 2023No Comments2 Mins Read369 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සුනඛ දඩයමේ පැමිණි කදුකර කොටියෙකු වතු කම්කරුවෙකුට අද (01) දින පහර දි බරපතල ලෙස තුවාල සිදු කර ඇති බව බගවන්තලාව ටින්සින් වතුයායේ වතු පාලන අධිකාරිය පැවසිය.

    බගවන්තලාව පොලිස් වසමට අයත් ටින්සින් වතුයායේ තේ කර්මාන්ත ශාලාව අසල තේ වත්තේ කෘෂි රසායනික ද්‍රව්‍ය යොදමින් සිටි වතු කම්කරුවෙකුට මෙසේ කදුකර කොටියා පහර දි තුවාල සිදු කර ඇත.

    තේ වත්තේ වැඩ කරමින් සිටි තුවාලකරු සුනඛයෙකු කෑගසන ශබ්දය ඇසිමත් සමග එය සොයා බැලිමට ඒ අසලට ගිය අවස්තාවේ සුනඛයෙකු ගොදුරු කරගෙන සිටි කදුකර කොටියා පහර දි තුවාල සිදු කර පලාගිය බවයි තුවාල ලැබු වතු කම්කරුවා සමග තේ වත්තේ වැඩ කරමින් සිටි සෙසු වතු කම්කරුවන් කියා සිටියේ

    (01)දින උදැසන 10 ට පමණ මෙම පහර දිම සිදු වු බවත්, පහර කැමෙන් බරපතල ලෙස තුවාල ලැබු වතු කම්කරුවා බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු ඔහුගේ තත්ත්වය බරපතල නිසා තුවාලකරු වැඩිදුර ප්‍රතිකාර සදහා දික්ඔය මුලික රෝහල වෙත මාරු කර යවා ඇත.

    පහර දුන් කදුකර කොටියා ගොදුරු කරගෙන සිටි සුනඛයාද අතහැර දමා පලාගොස් ඇති බවත්, සුනඛයාද බරපතල ලෙස තුවාල ලබා ඇති බවයි එම වතුයායේ වතු කම්කරුවන් කියා සිටියේ.

    තම වතුයායේ නිවාස වල සුරතලේට ඇති කරන සුනඛයින් නිරත අතුරුදහන් වන බවත්, තම තේ වත්තේ නිතර නිතර කදුකර කොටියන් සැරි සරන බවයි එම වතුයායේ වතු කම්කරුවන් කියා සිටියේ.

    තම වත්තේ සැරිසරන කදුකර කොටියන් රක්ෂිතයකට පලවා හැරිමට වනජිවි නිලධාරින් පියවර ගත යුතු බවද වතු කම්කරුවන් කියා සිටියි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 28,000කට අධික පිරිසකට බලපෑම්

    May 24, 2026

    අඹුසැමි යුවළක් අමානුෂික ලෙස ඝාතනය කෙරේ

    May 22, 2026

    බෙංගාල බොක්ක සහ අරාබි මුහුදු ප්‍රදේශවලට ඉදිරි දින තුන සඳහා නිවේදනයක්

    May 19, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,444 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,399 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,605 Views
    Don't Miss

    ප්‍රදේශ රැසක රන්මාල කැඩූ සැකකරුවෙකු අත්අඩංගුවට

    June 16, 202604 Views

    රන්මාල කොල්ලකෑම් ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි සැකකරුවෙකු කටාන, කටුවැල්ලේගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන…

    අධිවේගයේ ETC පරිශීලකයින්ට සෑම ගමන් වාරයකටම සියයට 10 ක වට්ටමක්

    June 15, 2026

    ඉරානය සමඟ එකඟතාව සම්පූර්ණයි – ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

    June 15, 2026

    ලක්ෂ 4කට තවමත් ‘TIN’නැහැ – IRDයෙන් හෙළිදරව්වක්

    June 14, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.