Close Menu
Lanka Focus News
    What's Hot

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වින්දිතයින් ගොනු කළ පාස්කු නඩුවලින් ජනපතිව මුදාහරී
    Featured

    වින්දිතයින් ගොනු කළ පාස්කු නඩුවලින් ජනපතිව මුදාහරී

    By LFNMarch 1, 2023No Comments1 Min Read220 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පාස්කු වින්දිතයින් 108 දෙනෙකු විසින් ගොනුකර ඇති නඩුවල වගඋත්තරකරුවකු වශයෙන් නම්කර සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම නඩුවලින් මුදාහැරීමට කොළඹ දිසා අධිකරණය නියෝග කළේය.

    කොළඹ දිසා විනිසුරු මහේෂා ද සිල්වා මහත්මිය විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබීය.

    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් තමන්ට සිදුවූ හානිය වෙනුවෙන් වන්දි අයකර දෙන ලෙස ඉල්ලා මෙම නඩු ගොනුකර තිබුණි.

    මෙම නඩු මීට පෙර විභාගයට ගත් අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු මූලික විරෝධතාවක් මතු කරමින් තම සේවාදායකයා මේ වනවිට ජනාධිපතිවරයා වශයෙන් පත්වී සිටින හෙයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ඔහුට එරෙහිව මෙම අවස්ථාවේදී නඩුකරයක් පවත්වාගෙන යාමට නොහැකි බව පෙන්වා දී තිබුණි.

    ඉන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව මෙම අවස්ථාවේදී නඩුකරයක් පවත්වාගෙන යාමට නොහැකි බව තීන්දු කළ දිසා අධිකරණය අනතුරුව මෙම නියෝගය නිකුත් කළේය.

    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට පියවර නොගැනීම තුළින් තමන්ට සිදුවූ හානිය වෙනුවෙන් වන්දි අයකර දෙන ලෙස ඉල්ලා ප්‍රහාරයෙන් වින්දිතයන් බවට පත්වූ පුද්ගලයින් විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී නිලන්ත ජයවර්ධන ඇතුළු පිරිසකට එරෙහිව මෙම නඩු 108 ගොනු කර තිබුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 202608 Views

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන…

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.