Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලන ජාවාරමක්

    June 22, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මෙරට ලක්ෂ 5කට රැකියා අහිමි වී ඇති බව ලෝක බැංකුව කියයි
    Featured

    මෙරට ලක්ෂ 5කට රැකියා අහිමි වී ඇති බව ලෝක බැංකුව කියයි

    By LFNFebruary 28, 2023No Comments2 Mins Read203 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ‍2022 වර්ෂය තුළ මෙරට පුද්ගලයින් ලක්ෂ 5කට පමණ අවම වශයෙන් රැකියා අහිමි වී ඇති බව ලෝක බැංකුව පවසයි.

    ඉන් වැඩිදෙනෙකු කර්මාන්ත සහ සේවා අංශවල රැකියා කරන කාන්තාවන් බව ලෝක බැංකුව පෙන්වා දෙයි.

    ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති මාටින් රයිසර් විසින් ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථීක තත්ත්වය පිළිබඳ නවතම වාර්තාවක් නිකුත් කරමින් මේ බව පෙන්වා දී තිබේ.

    එම වාර්තාවට අනුව 2021 සහ 2022 අතර කාලය තුළ ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය ආසන්න වශයෙන් සියයට 13 සිට සියයට 25 දක්වා වැඩි වී ඇති බව සඳහන් ය.

    එම කාල රාමුව තුළ නාගරික දරිද්‍රතාවය ද සියයට 5 සිට සියයට 15 දක්වා තුන් ගුණයකින් වැඩි වී ඇති බව ලෝක බැංකුව පෙන්වා දෙයි.

    දැනටමත් දුප්පතුන් ලෙස වර්ගීකරණය කර ඇති පුද්ගලයින්ගේ ජීවන වියදම සියයට 65කින් ඉහළ ගොස් ඇති අතර දිළිඳු නොවන පුද්ගලයින් සඳහා එම වැඩිවීම සියයට 57ක් වී තිබේ.

    ශ්‍රී ලංකාව සිය ඉතිහාසයේ තීරණාත්මක මොහොතක පසුවන බවත් වසර ගණනාවක වැරදි ආර්ථික කළමණාකරණය, දුර්වල පාලනය, දුර්වල ප්‍රතිපත්ති තේරීම්, කොවිඩ් වසංගතය සහ රුසියානු යුක්‍රේන ගැටුම් වැනි භාහිර කම්පනවල බලපෑම වත්මන් ආර්ථික අර්බුදයට හේතුවී ඇති බව ලෝක බැංකුව පෙන්වා දෙයි.

    පවතින ආහාර අනාරක්ෂිතභාවය හේතුවෙන් දැනටමත් ළමා මන්දපෝෂණය වැඩිවී ඇති අතර 2021 වසරේ සියයට 7.4ක් වූ ළමා මන්දපෝෂණය 2022 වසරේදී සියයට 9.2 දක්වා වැඩි වී ඇති බව සඳහන්ය.

    ශ්‍රී ලංකාවට නව සංවර්ධන ආකෘතියක් අවශ්‍ය බවට පවතින අර්බුදය මනාව පෙන්නුම් කරන බැවින් ආර්ථිකයේ නිවැරදි සමතුලිතතාවයක් ඇතිකර ගැනීමට ජාත්‍යන්තර ප්‍රජාව ශ්‍රී ලංකාවට උපකාර කළයුතු බව ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති මාටින් රයිසර් පවසයි.

    ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළට සහාය දැක්වීමට ලෝක බැංකුව දැනටමත් කටයුතු කරමින් සිටින අතර පවතින මුදල් හුවමාරු වැඩසටහන් ප්‍රතිනිර්මාණය කිරීමට සහ අවශ්‍යතා ඇති අයට මුදල් ආධාර සැපයීමට පියවර ගෙන ඇති බව මාටින් රයිසර් පෙන්වා දී තිබේ.

    වෙළෙඳ පිරිවැය අඩුකිරීම, පුද්ගලික අංශයට අයෝජනය කිරීම පහසු කිරීම, ශක්තිමත් මූල්‍ය අධීක්ෂණය සහ ණය කළමනාකරණය තුළින් අතීත වැරදි නැවත සිදුවීම වළක්වා ගැනීම මඟින් ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරභාවයක් ඇති කිරීමට හැකියාව පවතින බව ලෝක බැංකුව වැඩිදුරටත් සිය වාර්තාව මඟින් පෙන්වා දී ඇත.

    මේ අතර පවතින ආර්ථික අර්බුදය විසඳීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කඩිනම් එකගතාවයකට පැමිණීම අත්‍යාවශ්‍ය බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලන ජාවාරමක්

    June 22, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,447 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,402 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,607 Views
    Don't Miss

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026049 Views

    අම්පාර ඩිපෝවට අයත් ලංගම බස් රථයක් වැල්ලම්පිටියේදී අනතු‍රට ලක්වී තිබේ. බස් රියදුරුට ඇති වූ හදිසි…

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලන ජාවාරමක්

    June 22, 2026

    ට්‍රැක්ටරයක් වියානා ඇලට පෙරළෙයි – රියදුරු අතුරුදන්

    June 22, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.