Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රුපියල යන්තම් නැගිටියි

    June 10, 2026

    අපනයන ඉපයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා පවතින රීති සංශෝධනය කෙරේ

    June 9, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කොකේන් සමග විදෙස් තරුණියක් අත්අඩංගුවට
    Featured

    කොකේන් සමග විදෙස් තරුණියක් අත්අඩංගුවට

    By LFNFebruary 28, 2023No Comments1 Min Read224 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී අද (28) උදෑසන තරුණියක් අත්අඩංගුවට ගෙන තිබේ.

    බොලීවියානු ජාතික 26 හැවිරිදි තරුණියක් වන ඇය සතුව තිබී රුපියල් කෝටි 23ක් පමණ වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගත් බව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පැවසීය.

    ඇය අද උදෑසන ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

    රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරියෙකු පැවසුවේ, මෙසේ රැගෙනවිත් ඇති කොකේන් ද්‍රාවණය තුළ කොකේන් මත්ද්‍රව්‍ය සාන්ද්‍රනය ඉහළ මට්ටමක පවතින බවට වාර්තා වෙන බවය.

    ඇය විසින් එක් ගමන් මල්ලක් පමණක් රැගෙනවිත් තිබූ අතර, ඒ තුළ ඇඳුම්, රෙදිපිළි තිබී ඇත.

    ඒ අනුව මෙම මත්ද්‍රව්‍ය තොගය ද්‍රාවණයක් සේ සකස් කර
    බෑගයේ ඇතුළත වූ රෙදිවලින් නිමකර ඇති සාක්කු ඇතුළු කොටස් කොකේන් දියරයකින් පොඟවා ගෙනැවිත් තිබේ.

    මෙසේ අත්අඩංගුවට ගෙන ඇති කොකේන් මත්ද්‍රව්‍ය තොගය කිලෝ ග්‍රෑම් 04යි ග්‍රෑම් 600ක බරකින් යුන්ත වන අතර ඒවායේ වටිනාකම රුපියල් මිලියන 230 ක් හෙවත් රුපියල් කෝටි 23ක් බවට අනුමාන කෙරේ.

    ඇයට මෙම මත්ද්‍රව්‍ය තොගය ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කර දීම සඳහා අමෙරිකානු ඩොලර් 500ක මුදලක් හිමිවීමට නියමිතව තිබූ බවද හෙළිවී ඇත.

    ඇය මෙම මත්ද්‍රව්‍ය තොගය සහිත ගමන් මල්ල කටුනායක ගුවන් තොපුපොළ පරිශ්‍රයෙන් පිටතට රැගෙනවිත් ලබාදීමට නියමිත දුරකථන ඇමතුමකට අනුව කිසියම් පුද්ගලයෙකු පැමිණ එය රැගෙන යෑමට ද නියමිතව තිබී ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රුපියල යන්තම් නැගිටියි

    June 10, 2026

    අපනයන ඉපයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා පවතින රීති සංශෝධනය කෙරේ

    June 9, 2026

    තරුණයෙකුට සහ පුද්ගලයෙකුට මරු කැඳවූ මාරක අනතුරු දෙකක්

    June 9, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,444 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,396 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,604 Views
    Don't Miss

    රුපියල යන්තම් නැගිටියි

    June 10, 2026013 Views

    අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වෙමින් පැවති ශ්‍රී ලංකා රුපියල අද (10) නැවතත් ශක්තිමත් වී ඇති…

    අපනයන ඉපයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා පවතින රීති සංශෝධනය කෙරේ

    June 9, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    තරුණයෙකුට සහ පුද්ගලයෙකුට මරු කැඳවූ මාරක අනතුරු දෙකක්

    June 9, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.