Close Menu
Lanka Focus News
    What's Hot

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජාතික ජන බලවේගයට එල්ල වු ප්‍රහාරය විපක්ෂ නායක හෙළාදකී
    Featured

    ජාතික ජන බලවේගයට එල්ල වු ප්‍රහාරය විපක්ෂ නායක හෙළාදකී

    By LFNFebruary 27, 2023No Comments1 Min Read210 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජාතික ජන බලවේගය සංවිධානය කළ විරෝධතා රැළියට එල්ල කළ කඳුළු ගෑස් සහ අධි පීඩන ජල ප්‍රහාරය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හෙළා දැක තිබේ.

    ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය.

    එහිදි විපක්ෂ නායකවරයා පෙන්වාදී ඇත්තේ, කිසිදු නායකයෙක් හෝ පක්ෂයක් සෑම විටම සහමුලින්ම නිවැරදි වී නොමැති අතර ප්‍රජාතන්ත්‍රවාදය තුළ විරුද්ධ හඬවල් ඉවසා සිටිය යුත්තේ එබැවින් බවය.

    ජාතික ජන බලවේගයේ විරෝධතාවට එල්ල කළ කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර හේතුවෙන් බොහෝදෙනෙකුට බරපතළ තුවාල සිදුව ඇති බව විපක්ෂ නායකවරයා සිය ට්විටර් පණිවුඩය මඟින් සඳහන් කර තිබේ.

    එම තත්ත්වය තුළ මහජනතාවට එරෙහිව ආණ්ඩුවේ තර්ජනය පැහැදිලි බවත් ආණ්ඩුව ප්‍රකාශ කරනු ලබන්නේ ජනතාවට නිහඬව පසෙකට වී සිටිය යුතු බව විපක්ෂ නායකවරයා පෙන්වාදෙයි.

    මේ අතර ඊයේ (26) දිනයේ ජාතික ජන බලවේගයේ කොළඹ පැවැති විරෝධතාවට එල්ල වු කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයෙන් තුවාල ලැබු පිරිසක් මේ වන විටත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

    මැතිවරණය කල් දැමීමේ කුමන්ත්‍රණයට එරෙහිව “විරෝධය කොළඹට” යන මැයෙන් සංවිධානය කර තිබු එම පාගමනට කොළඹ පුරහල ප්‍රදේශයේ දී පොලීසිය විසින් කඳුළු ගෑස් සහ අධී පීඩන ජල ප්‍රහාර එල්ල කළේය.

    එහිදි තුවාල ලැබු 28දෙනෙකු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 202601 Views

    ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නොහොත් ‘බස් ලලිත්’ දිවයිනට…

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.