Close Menu
Lanka Focus News
    What's Hot

    එජාපයේ 80 වැනි සංවත්සර සැමරුම අද

    September 6, 2026

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 2026

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»IMF යෝජනාවකට අනුව මහ බැංකුවේ ලොකු වෙනසක්
    Featured

    IMF යෝජනාවකට අනුව මහ බැංකුවේ ලොකු වෙනසක්

    By LFNFebruary 26, 2023No Comments2 Mins Read133 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකා මහ බැංකුවට පරිපාලනමය සහ මූල්‍යමය ස්වාධීනත්වය ලබාදෙන්නැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිදුකළ යෝජනාවට අනුව ඊට අදාළ පනත් කෙටුම්පතක් මේ වනවිට රජය විසින් ගැසට් කර තිබේ.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපේක්ෂා කරනු ලබන අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක විස්තීරණ ණය මුදල ලබාගැනීම සඳහා ඉටු කළ යුතු කොන්දේසි අතර එක් කොන්දේසියක් වූයේ ශ්‍රී ලංකා මහ බැංකුවට පරිපාලනමය සහ මූල්‍යමය ස්වාධීනත්වය ලබාදීමය.

    ඒ අනුව මහ බැංකුව තුළ ”පාලක මණ්ඩලය සහ ”මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය” ලෙස මණ්ඩල 02ක් ස්ථාපිත කිරීමට යෝජනා කර ඇත.

    එමෙන්ම මහ බැංකු අධිපතිවරයා ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට සහ මහ බැංකුවේ සේවා නියුක්තිකයින්ට ඔවුන්ගේ බලතල, කාර්යය සහ කර්තව්‍ය ක්‍රියාත්මක කිරීමේදී, ඉටු කිරීමේදී සහ සිදුකිරීමේදී කවර හෝ තැනැත්තෙකු හෝ ආයතනයක් විසින් බලපෑමක් කිරීම නොකළ යුතු බවට වගන්තියක්ද ඊට ඇතුළත් වෙයි.

    ”පාලක මණ්ඩලය” ලෙස නව ව්‍යුහයක් මහ බැංකුවට අයත් වන අතර මහ බැංකුවේ කටයුතුවල පරිපාලනය සහ කළමනාකරණය අධීක්ෂණය කිරීම සහ මුදල් ප්‍රතිපත්තිය නොවන මහ බැංකුවේ පොදු ප්‍රතිපත්තිය තීරණය කිරීමේ වගකීම ඊට පවරා තිබේ.

    එය සාමාජිකයින් 7 දෙනෙකුගෙන් සමන්විතය.

    පාලක මණ්ඩලයේ සභාපති ලෙස මහ බැංකු අධිපතිවරයා කටයුතු කරන අතර ආර්ථික විද්‍යාව, බැංකුකරණය, මූල්‍ය, ගිණුම්කරණය සහ විගණනය, නීතිය හෝ අවදානම් කළමනාකරණය පිළිබඳ විශේෂඥ දැනුම සහිත සාමාජිකයින් 6 දෙනෙකු එහි සෙසු සාමාජිකයන් වෙයි.

    එමෙන්ම දැනට මහ බැංකුවේ ක්‍රියාත්මක මුදල් මණ්ඩලය වෙනුවට මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ස්ථාපිත කිරීමට යෝජිතය.

    මහ බැංකු අධිපතිවරයා එහි සභාපති වන අතර ඊට අමතරව පාලක මණ්ඩලයේ සාමාජිකයින් 07දෙනා, ආර්ථික විද්‍යාව හෝ මූල්‍ය යන ක්ෂේත්‍රයක විශේෂඥයින් දෙදෙනෙක්, මිල ස්ථායීතාව භාර මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයා සහ මූල්‍ය පද්ධති ස්ථායීතාව භාර මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයාත් මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ සාමාජිකයින් වෙයි.

    දැනට පවතින මුදල් මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා නිල බලයෙන් පත්වුවද නව කෙටුම්පතින් මුදල් ලේකම්වරයා එම මණ්ඩලයට පත් කර නොමැත.

    පාලක මණ්ඩලයේ සහ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ සාමාජිකයින් පත් කිරීම සඳහා ජනාධිපතිවරයා
    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලබාගත යුතුය.

    මහ බැංකුව විසින් ළඟා කරගත යුතු උද්ධමන ඉලක්කය සපුරාලීමට මහ බැංකුව අනුක්‍රමික කාර්තු දෙකකදී අපොහොසත් වුවහොත් මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් ඊට අදාළ හේතු, ප්‍රතිකර්මීය ක්‍රියාමාර්ග දක්වමින් වාර්තාවක් අමාත්‍යවරයා මගින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවද පනත් කෙටුම්පතේ සඳහන් වෙයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    එජාපයේ 80 වැනි සංවත්සර සැමරුම අද

    September 6, 2026

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 2026

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,466 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    එජාපයේ 80 වැනි සංවත්සර සැමරුම අද

    September 6, 202604 Views

    එක්සත් ජාතික පක්ෂයේ 80 වැනි සංවත්සර සැමරුම අදට (06) යෙදී තිබේ. ඒ වෙනුවෙන් වූ සැමරුම්…

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 2026

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.