Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රුපියල යන්තම් නැගිටියි

    June 10, 2026

    අපනයන ඉපයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා පවතින රීති සංශෝධනය කෙරේ

    June 9, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මේක ජනපති දැනුවත්ව වෙච්ච වැඩක් – හර්ෂ
    Featured

    මේක ජනපති දැනුවත්ව වෙච්ච වැඩක් – හර්ෂ

    By LFNFebruary 25, 2023No Comments2 Mins Read240 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රාජ්‍ය මුදල් කාරක සභාවේ නව සභාපතිවරයා ලෙස පත්වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතට එම ධූරයෙන් ඉවත්වන ලෙස විපක්ෂ නායකවරයා දැනුම්දී ඇති බව එම සභාවේ හිටපු සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

    නමුත් ඔහු එම යෝජනාව ප්‍රතික්ෂේප කර ඇති බවත් මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේය.

    “මේක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ සම්පූර්ණ අනුදැනුම මත වෙච්ච දෙයක්.”

    “මම මයන්තගෙන් ඇහුවා. මයන්ත නිකන් දන්නේ නැහැ වගේ, එයාගේ ඔළුව හැප්පිලා වගේ මගෙන් අහනවා.”

    “මම කිව්වා.. එහෙම නෙවෙයිනේ මයන්ත.. දැන් ඔයාට කතා කරලා ඇහුවනේ ලක්ෂමන් කිරිඇල්ල මන්ත්‍රීවරයා ඔබතුමා මේක ප්‍රතික්ෂේප කරනවාද ? භාරගන්නවා ද? කියලා.”

    “එතකොට කියලා තිබ්බා, නැහැ මම කථානායකතුමත් එක්ක අද උදේ කතා කරලා එකඟ වෙලා තියෙන්නේ කියලා. ඒ නිසා මම මේක අයින් කරගන්නේ නැහැ කියලා. මේක සැලසුම් කරලා කරපු කුමන්ත්‍රණයක්.”

    “විපක්ෂ නායකවරයා ඔහුගෙන් විමසලා තියෙනවා. ඔහු කියලා තිබෙනවා.. නැහැ මම මේක භාරගන්නවා කියලා. එතකොට විපක්ෂ නායක කියලා තිබෙනවා මේක කරන්න එපා මයන්ත. අපි එකඟවෙච්ච විදියට කරන්න කියලා.”

    “එතකොට ඔහු කිව්වයි කියලා කියනවා… මම දන්නේ නැහැ.. ‘එහෙමනම් අපි ආණ්ඩුවට යනවා’ කියලා.”

    මෙම පත්කිරීම සම්බන්ධයෙන් ඊයේ දිනයේදී පාර්ලිමේන්තුවේ උණුසුම් වාද විවාද ඇති වුණි.

    පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීම හේතුවෙන් එම තනතුර අහෝසිවීමත් සමග පාර්ලිමේන්තුවේදී ඊයේ දිනයේදී රාජ්‍ය මුදල් කාරක සභාවේ අභිනව සභාපතිවරයා ලෙස සමගි ජනබලවේගයේම පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතාව පත් කරනු ලැබීය.

    ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ නම අදාළ තනතුර සඳහා විපක්ෂය නම් කර තිබියදී ආණ්ඩු පක්ෂය විපක්ෂයේම මයන්ත දිසානායක මන්ත්‍රීවරයාගේ නම යෝජනා කර සම්මත කර ගත්තේය.

    මේ අතර රාජ්‍ය ගිණුම්කාරක සභාවේ සභාපතිවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා වැඩි ඡන්දයෙන් තේරී පත්වී තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026

    ඉදිරියේ දී QR ක්‍රමවේදය තදින් ක්‍රියාත්මක කරන්න පියවර ගන්නවා – බලශක්ති ඇමති

    June 1, 2026

    ඇමති සමන්ත විද්‍යාරත්නගෙන් ප්‍රකාශයක්

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,444 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,396 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,604 Views
    Don't Miss

    රුපියල යන්තම් නැගිටියි

    June 10, 2026013 Views

    අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වෙමින් පැවති ශ්‍රී ලංකා රුපියල අද (10) නැවතත් ශක්තිමත් වී ඇති…

    අපනයන ඉපයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා පවතින රීති සංශෝධනය කෙරේ

    June 9, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    තරුණයෙකුට සහ පුද්ගලයෙකුට මරු කැඳවූ මාරක අනතුරු දෙකක්

    June 9, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.