Close Menu
Lanka Focus News
    What's Hot

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බියගුල්ලන් නොවී ඡන්දෙ තියන්න
    Featured

    බියගුල්ලන් නොවී ඡන්දෙ තියන්න

    By LFNFebruary 21, 2023No Comments1 Min Read154 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ප්‍රකාශයට පත් කර ඇති පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට බාධා නොකර, ඊට අවශ්‍ය සියලු පහසුකම් සපයාදීමට කටයුතු කරන්නැයි ,ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයෙන් සහ අදාළ සියලු රාජ්‍ය ආයතනයන්හි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පවසති.

    ඡන්දය කල් දැමීමට හේතුව රජය කෙරෙහි නැගී එන ජනතා අප්‍රසාදය නම් එයට මුහුණදීමට හා ඒ ප්‍රතිඵල අනුව වෙනස්වීමට ඔවුන් නිහතමානී විය යුතු බවද කාදිනල්තුමෝ සඳහන් කරති.

    එමෙන්ම තමන් පරාජයට බිය බියගුල්ලන් කොටසක් ලෙස ඉතිහාසගතවීම වළකාගැනීමට තරම් බුද්ධියක් අප රටේ නායකයන් සතුව ඇතැයි තමන් සිතන බව ද අගරදගුරුතුමන් සඳහන් කර ඇත්තේ විශේෂ නිවේදනයක් නිකුත් කරමිනි.
    කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් අගරදගුරුමැදුරේ දී අද (21) මාධ්‍ය හමුවක් පවත්වමින් මෙම නිවේදනය මාධ්‍ය වෙත ඉදිරිපත් කළේය.

    මැතිවරණ කොමිසම විසින් මාර්තු 9 දින ප්‍රකාශයට පත් කර ඇති පලාත් පාලන මැතිවරණ නොපවත්වා සිටීමට ඇතැම් රාජ්‍ය නිලධාරීන් උත්සාහ දරමින් සිටින බව පෙනෙන්නට ඇතැයි ද එහි දැක්වේ.

    මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය පරිසරය සකසාදීමට ජනාධිපතිවරයා ඇතුළු රජය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් බැඳී සිටින අතර, මැතිවරණ කොමිසමට අවශ්‍ය සියලූ සහාය ලබාදීමට අදාළ සියලුම රාජ්‍ය ආයතන සහ රාජ්‍ය නිලධාරීන් ද බැඳී සිටින බව එම නිවේදනයේ සඳහන්ය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,619 Views
    Don't Miss

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 202606 Views

    කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා…

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.