Close Menu
Lanka Focus News
    What's Hot

    නව චීන තානාපතිවරයා සහ කථානායකවරයා අතර හමුවක්

    September 12, 2026

    දෙහිවල නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් – දරුවන් දෙදෙනෙකු මරුට

    September 11, 2026

    ඩුබායිහිදී කොටුවූ ‘කොණ්ඩ රංජි’ගේ සුලමුල – පැළඳ සිටි රත්‍රංවල ඇත්ත නැත්තත් එළියට

    September 10, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»විග්නේෂ්වරන් භික්ෂුවගේ භූමිකාව හඳුනාගත යුතුයි – මල්වතු අනුනායක හිමි
    Featured

    විග්නේෂ්වරන් භික්ෂුවගේ භූමිකාව හඳුනාගත යුතුයි – මල්වතු අනුනායක හිමි

    By LFNFebruary 15, 2023No Comments2 Mins Read169 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සී. වී. විග්නේෂ්වරන් මන්ත්‍රීවරයා බෞද්ධ ඉතිහාසය පිළිබඳව අනවබෝධයෙන් අදහස් ප්‍රකාශ කර ඇති බව මල්වතු පාර්ශවයේ අනුනායක දිඹුල්කුඹුරේ ශ්‍රී විමලධම්ම හිමි පවසයි.

    උන්වහන්සේ පෙන්වා දෙන්නේ‍ බුදුන් වහන්සේ පවා රජවරුන්ට අනුශාසනා කළ බවය.

    “ආගම දහමට අකුල් හෙළන අය පිළිබඳව නඩුකාරයෙක්, මන්ත්‍රීවරයෙක් ඒ වගේම පක්ෂයක ප්‍රධානියෙක් විග්නේෂ්වරන්. එයා කියනවා හාමුදුරුවෝ මොකටද අපිට උපදෙස් දෙන්න කෑ ගහන්නේ. අපේ ආගමේ එහෙම වෙන්නේ නෑ කියලා. එයා දන්නේ නැතුව ඇති මේ රට රැකලා මොන තරම් භික්ෂූන් වහන්සේලා දිවි දුන්නා ද ? එදා ඉඳලා ලොව්තුරා බුදුහාමුදුරුවෝ පවා රජගොල්ලන්ට අවවාද කරා. අනුශාසනා කරා. ඒක අපේ යුතුකමක්. අපි නිකම්ම දානේ ටික වළදලා නිකම් ඉන්න එක යුතුකමක් නෙමෙයි. මේ රට රැක ගන්න ඕනේ. මේ ජාතිය රැකගන්න ඕනේ. සම්බුද්ධ ශාසනය රැකගන්න ඕනේ. විග්නේෂ්වරන් මහත්තයා ඒ බව දන්නේ නැතුව ඇති…”

    රටේ ඉතිහාසය පිළිබඳව ද විග්නේෂ්වරන් මන්ත්‍රීවරයා නිවරදි අවබෝධයක් බලාගත යුතු බව මල්වතු පාර්ශවයේ අනුනායක දිඹුල්කුඹුරේ ශ්‍රී විමලධම්ම හිමි පවසයි.

    “එතුමා කියනවා මහා වංශය, ථූප වංශය, චූල වංශය මේවා වැඩකට නැහැ, නියම කරුණු අන්තර්ගත නැහැ. මහා විශාල මුණිවතුන් ගෙනැවිල්ල මණ්ඩලයක් හදලා නැවත ඉතිහාසය ස්ථාපනය කරන්නට ඕනේ, ලියන්න ඕනේ කියලා. ඒත් එතුමා දැන්නේ නැහැ, මහා වංශය කොයි කාලයේ ඉඳලා පැවත එනවාද කියලා. චූල වංශය කොයි කාලයේ ඉඳලා පැවත එනවාද කියලා. ඒ වගේම ථූප වංශය.. මේ විදිහේ පුරාණ පොත්පත් ගැන එතුමා දන්නේ නැහැ. එතුමා එයාගේ හින්දු ආගම ගැන දන්නවා. මේ බුද්ධ ධර්මය ගැනවත්, සිංහලේ පැවතීම් ගැනවත් එතුමා දන්නේ නැතුව ඇති. දකුණු ඉන්දියාවේ මොන තරම්නම් විශාල පීඩනයක් මේ ශ්‍රී ලංකාවට මොන වාර ගණනක්, ද්‍රවිඩ අයගෙන් මේ ලංකාවට මහ කරදර… ඒ අයගේ බලය ලබාගන්න කටයුතු කළාද කියලා. ඒ නිසා මේ විදිහට කතා කිරීම පිළිබඳ අපි කනගාටුවට පත්වෙනවා අපි භික්ෂූන් වහන්සේලා විදිහට.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    නව චීන තානාපතිවරයා සහ කථානායකවරයා අතර හමුවක්

    September 12, 2026

    දෙහිවල නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් – දරුවන් දෙදෙනෙකු මරුට

    September 11, 2026

    ඩුබායිහිදී කොටුවූ ‘කොණ්ඩ රංජි’ගේ සුලමුල – පැළඳ සිටි රත්‍රංවල ඇත්ත නැත්තත් එළියට

    September 10, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,468 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,421 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,625 Views
    Don't Miss

    නව චීන තානාපතිවරයා සහ කථානායකවරයා අතර හමුවක්

    September 12, 202602 Views

    ශ්‍රී ලංකාවේ චීන මහජන සමූහාණ්ඩුවේ නව තානාපති වේයි හුවාෂියැං (Wei Huaxiang) සහ  පසුගිය 10 වැනිදා…

    දෙහිවල නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් – දරුවන් දෙදෙනෙකු මරුට

    September 11, 2026

    ඩුබායිහිදී කොටුවූ ‘කොණ්ඩ රංජි’ගේ සුලමුල – පැළඳ සිටි රත්‍රංවල ඇත්ත නැත්තත් එළියට

    September 10, 2026

    කල් ඉකුත් වූ තේ ඇසුරුමක් අලෙවි කළ ව්‍යාපාර ආයතනයකට ලක්ෂ 2ක දඩයක්

    September 9, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.