Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලන ජාවාරමක්

    June 22, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පිළිකා රෝහලෙත් බෙහෙත් නෑ – පරිත්‍යාගශීලින් ට දැනුම්දීමක්
    Featured

    පිළිකා රෝහලෙත් බෙහෙත් නෑ – පරිත්‍යාගශීලින් ට දැනුම්දීමක්

    By LFNFebruary 15, 2023No Comments2 Mins Read200 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සෙසු රෝහල්වල මෙන්ම මහරගම අපේක්ෂා රෝහල තුළ ද මේ වනවිට ඖෂධ හිඟයක් මතුව ඇතැයි වෛද්‍යවරු පවසති.

    අදට (15) යෙදී ඇති “ලෝක ළමා පිළිකා දිනය” නිමිත්තෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ළමා පිළිකා විශේෂඥ වෛද්‍ය, සංජීව ගුණසේකර මහතා සඳහන් කර සිටියේ, ජනතාවගේ පරිත්‍යාග හේතුවෙන් එම ඖෂධ හිඟය යම් ප්‍රමාණයකට මඟහැරි ගොස් ඇති බවය.

    වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍යවරයා,

    “මහරගම පිළිකා රෝහලේ අනෙක් රෝහල්වල වගේම යම් බෙහෙත්වල අඩුපාඩුවක් තියෙනවා. හැබැයි අපි විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ, ළමා පිළිකා වාට්ටු සමග පරිත්‍යාගශීලීන් රාශියක් වැඩකරනවා. අපිට ඔවුන්ගේ උපකාර නිසා බොහෝදුරට මෙම අවශ්‍යතාවයන් පියවා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. අපිට තිබෙන අඩුපාඩු යම් පුද්ගලයෙක් හෝ ආයතනයක් බෙහෙත් පරිත්‍යාග කිරීමට කැමති නම් කරුණා කර අපේ අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂතුමා අමතන්න. එහි පරිත්‍යාග භාරගැනීමට විශේෂ ඒකකයක් තිබෙනවා. ඔවුන් අදාළ සංවිධාන කටයුතු ඔබලා සමග සිදුකර එම පරිත්‍යාග භාරගැනීමට කටයුතු කරයි.”

    මේ අතර ලංකාවේ ළමා පිළිකා රෝගීන් වැඩිවෙමින් පවතින බවත් වසරකට ළමුන් 900ක් පමණ පිළිකා රෝගීන් ලෙස හඳුනාගන්නා බවත් වෛද්‍ය සුරාජ් පෙරේරා මහතා පැවසීය.

    2020 සංඛ්‍යා ලේඛන අනුව පිරිමි දරුවන් 472කුත් ගැහැණු දරුවන් 457කුත් ලෙස වාර්තා වී ඇතැයි ද පැවසු වෛද්‍යවරයා, බොහෝ ළමා පිළිකා සම්පූර්ණයෙන් සුව කළ හැකි තත්ත්වයේ පවතින බව ද කියා සිටියේය.

    මේ අතර වසරකට ළමා පිළිකා රෝගීන් 250ක් පමණ ජීවිතක්ෂයට පත්වෙන බව ද පැවසු වෛද්‍යවරයා මෙය අවම කරගැනීමට කටයුතු කළ යුතු බව ද පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලන ජාවාරමක්

    June 22, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,447 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,402 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,607 Views
    Don't Miss

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026045 Views

    අම්පාර ඩිපෝවට අයත් ලංගම බස් රථයක් වැල්ලම්පිටියේදී අනතු‍රට ලක්වී තිබේ. බස් රියදුරුට ඇති වූ හදිසි…

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලන ජාවාරමක්

    June 22, 2026

    ට්‍රැක්ටරයක් වියානා ඇලට පෙරළෙයි – රියදුරු අතුරුදන්

    June 22, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.