Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඉස්ලාමාබාද් සාම සංදේශය ඉරිදා අත්සන් නොකරන බව ඉරානය කියයි

    June 13, 2026

    දරුවා වඩාගෙන පාරේ ගිය පියෙකු බස් රථයක ගැටී මරුට

    June 13, 2026

    ඩොලරයේ විකුණුම් මිල රු. 341 පනී

    June 12, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජනපති මාර්තු මාසය ගැන දැඩි අපේක්ෂාවෙන්
    Featured

    ජනපති මාර්තු මාසය ගැන දැඩි අපේක්ෂාවෙන්

    By LFNFebruary 15, 2023Updated:February 15, 2023No Comments1 Min Read233 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය ආරම්භ කළ හැකි බවට වන දැනුම්දීම එළඹෙන මාර්තු මස වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිවේදනය කරනු ඇතැයි තමා අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    එම ක්‍රියාවලිය ඉදිරියට යාම සඳහා රට තුළ දේශපාලන ස්ථාවරත්වයක් සහ සමාජය තුළ නව ආකල්ප ද අවශ්‍ය වන බව කොළඹ අද (15) පැවති වැඩසටහනකට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේය.

    SLTC හෙවත් ශ්‍රී ලංකා පර්යේෂණ විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨය තුළ ස්ථාපිත කෙරෙන ආණ්ඩුක්‍රම අධ්‍යයන ආයතනය මතු පරපුරට පැවරීම සහ 2048 දක්වා ලංකාවේ ගමන් මග සාර්ථක කර ගැනීමට සංවිධාන කරන peace and prosperity 2048 සම්මන්ත්‍රණ මාලාව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ කොළඹ දී ආරම්භ වුණි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා,

    “අප දැන් සිටින්නේ ආර්ථිකය ස්ථායීකරණය කිරීමේ අදියරක. මම අපේක්ෂා කරනවා මාර්තු වන විට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අපේ ණය ප්‍රතිව්‍යුහගතකරණය ආරම්භ කළ හැකි යැයි ප්‍රකාශ කරනු ඇතැයි කියලා. නමුත් ඒ සඳහා දේශපාලන ස්ථාවරත්වයක් සහ සමාජයේ නව ආකල්ප වෙනසක් අවශ්‍ය වනවා. එවැනි නවෝත්පාදනයක් සඳහා අලුතින් සිතීමක් අවශ්‍යයි. නව ආකාරයේ සිතීමකට නව විශ්වවිද්‍යාල අවශ්‍ය වනවා. අප දැන් සිටින්නේ පරිවර්තන යුගයක. අප හොඳ නරක දෙකම එක්ව ගෙන විනිශ්චයන්ට පැමිණිය යුතුයි. නමුත් උසස් අධ්‍යාපනයේ වෙනසක් අවශ්‍යමයි. එය සිදුවිය යුත්තේ රට තුළ පුළුල් නවෝදයකින් අනතුරුවයි. මූල්‍ය අරමුදලේ ණය ප්‍රතිව්‍යුහගතකරණය ක්‍රියාවලිය අවසන් වූ වහාම අප ඒ පුළුල් සංවාදය අරඹන්න සූදානම්.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026

    ඉදිරියේ දී QR ක්‍රමවේදය තදින් ක්‍රියාත්මක කරන්න පියවර ගන්නවා – බලශක්ති ඇමති

    June 1, 2026

    ඇමති සමන්ත විද්‍යාරත්නගෙන් ප්‍රකාශයක්

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,444 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,399 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,605 Views
    Don't Miss

    ඉස්ලාමාබාද් සාම සංදේශය ඉරිදා අත්සන් නොකරන බව ඉරානය කියයි

    June 13, 2026013 Views

    ‘ඉස්ලාමාබාද් සාම සංදේශය’ අත්සන් කිරීම හෙට (14) දිනයේදී සිදු නොවන බව ඉරානය පවසයි. එරට විදේශ…

    දරුවා වඩාගෙන පාරේ ගිය පියෙකු බස් රථයක ගැටී මරුට

    June 13, 2026

    ඩොලරයේ විකුණුම් මිල රු. 341 පනී

    June 12, 2026

    රුපියල යන්තම් නැගිටියි

    June 10, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.