Close Menu
Lanka Focus News
    What's Hot

    එජාපයේ 80 වැනි සංවත්සර සැමරුම අද

    September 6, 2026

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 2026

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අඩු අගයකින් විදුලි බිල ඉහළ දැමීමට සභාපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව කොමිසමේ සෙසු සාමාජිකයින් ප්‍රතික්ෂේප කරයි
    Featured

    අඩු අගයකින් විදුලි බිල ඉහළ දැමීමට සභාපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව කොමිසමේ සෙසු සාමාජිකයින් ප්‍රතික්ෂේප කරයි

    By LFNFebruary 15, 2023No Comments2 Mins Read285 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    විදුලි ගාස්තු සියයට 36 කින් ඉහළ දැමීමට තමන් ඉදිරිපත් කළ යෝජනාව සිය කොමිසමේ සෙසු සාමාජිකයන් තිදෙනා ප්‍රතික්ෂේප කළ බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසනවා. එම සාමාජිකයන් තිදෙනා විදුලිබල මණ්ඩලය යෝජනා කළ සියයට 66 ක විදුලි ගාස්තු ඉහළ දැමීමට අනුමැතිය දුන් බවයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා පැවසුවේ.

    විදුලිබල මණ්ඩලය වාර්ෂිකව රුපියල් බිලියන 287 ක අමතර බරක් විදුලි පාරිභෝගිකයා මත පැටවීමට කර තිබූ යෝජනාව සමාලෝචන කර එය රුපියල් බිලියන 142 ක සාධාරණ මට්ටමකට පහත දමා එම කොමිසමේ සභාපතිවරයා යෝජනාව ඉදිරිපත් කර තිබුණා. එහෙත් සෙසු සාමාජිකයින් තිදෙනා වන නීතිඥ චතුරිකා විජේසිංහ, ඩග්ලස් නානායක්කාර සහ එස්. ජී. සේනාරත්න එම නීත්‍යානුකූල ගාස්තු යෝජනාවට විරෝධය පළ කළ බවයි එහි සභාපතිවරයා පැවසුවේ.

    එහෙත් එම සාමාජිකයින් අද සිට ක්‍රියාත්මක කිරීමට අනුමත කළ ගාස්තු ක්‍රමය නීති විරෝධී, මහජනතාව දැඩි පීඩනයකට පත්කරන මෙන්ම සමස්ත ආර්ථිකයට දරුණු බලපෑමක් කරන විදුලි ගාස්තු ඉහළ දැමීමක් වනවා. අධික විදුලි ගාස්තු යෝජනාව අනුමත කළ කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයන් මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ සහ ශ්‍රී ලංකා විදුලිබල පනතේ ප්‍රතිපාදන උල්ලංඝනය කර ඇති බවයි මහජන උපයෝගිතා කොමිශන් සභාවේ සභාපතිවරයා පැවසුවේ.

    මේ අතර විදුලිබිල ඉහළ දැමීම සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිෂන් සභාව සහ විදුලිබල මණ්ඩලය අතර පැවැති සාකච්ඡාව ද එකගතාවකින් තොරව අවසන් වී තිබෙනවා. ජාතික සභාව ඊයේ පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් ඒ බව දැනුම්දුන් බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ.

    විදුලිබිල ඉහළ දැමීම සම්බන්ධයෙන් අදාළ පාර්ශව 02 ට මුණගැසී සාකච්ඡා කර අවසන් තීරණයක් ගන්නා ලෙස ජාතික සභාව පසුගියදා දැනුම්දී තිබුණා. ඒ අනුව පසුගිය 13 වනදා දෙපාර්ශවයේ නිලධාරීන් මුණගැසී විදුලිබිල ඉහළ දැමීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත්, ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹීමට නොහැකි වූ බවත්, ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් ජාතික සභාවට දැනුම් දුන්නා.

    එහිදී මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ ඊයේ දින කොමිෂන් සභාව රැස්වී ඒ පිළිබඳ සාකච්ඡා කර අවසන් තීරණයක් ගැනීමට බලපොරොත්තු වන බවයි. එවන් පසුබිමක් තුළයි එහි සාමාජිකයින් තිදෙනා, සභාපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට විරුද්ධවී ඇත්තේ.

    මීට පෙර ජාතික සභාව රැස්වූ අවස්ථාවේදී විදුලි ගාස්තු වැඩිකිරීම පිළිබඳ අවසන් තීරණය අද දිනට පෙර දැනුම්දෙන බව මහජන උපයෝගීතා කොමිසම ජාතික සභාවට දැනුම් දී තිබුණා. ඒ අනුව අද දිනයේදී ඒ සම්බන්ධයෙන් තීරණයක් ලබාදෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කර තිබුණේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    එජාපයේ 80 වැනි සංවත්සර සැමරුම අද

    September 6, 2026

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 2026

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,466 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    එජාපයේ 80 වැනි සංවත්සර සැමරුම අද

    September 6, 202604 Views

    එක්සත් ජාතික පක්ෂයේ 80 වැනි සංවත්සර සැමරුම අදට (06) යෙදී තිබේ. ඒ වෙනුවෙන් වූ සැමරුම්…

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 2026

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.