Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 2026

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»ප්‍රභාකරන් ජීවතුන් අතර බව පැවසීම විහිළු සහගතයි – ආරක්ෂක අමාත්‍යාංශය
    Hot News

    ප්‍රභාකරන් ජීවතුන් අතර බව පැවසීම විහිළු සහගතයි – ආරක්ෂක අමාත්‍යාංශය

    By LFNFebruary 14, 2023No Comments1 Min Read264 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    LTTE නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ජීවතුන් අතර සිටින බවට ඉන්දීය දේශපාලඥයෙකු සිදුකරන ප්‍රකාශය සත්‍යයෙන් තොර බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

    ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ කර්නල් නලින් හේරත් මහතා සඳහන් කළේ අදාළ ප්‍රකාශ විහිළු සහගත බවය.

    LTTE නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ජීවතුන් අතර සිටින බවට ලෝක දෙමළ සංවිධානයේ සභාපති පී. නෙදුමාරන් තමිල්නාඩුවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශයක් සිදුකර තිබේ.

    පී. නෙදුමාරන් ප්‍රකාශ කර ඇත්තේ නුදුරේදීම දෙමළ ජාතියේ විමුක්තිය උදෙසා ප්‍රභාකරන් ඉක්මනින්ම ජනතාව අතරට පැමිණෙනු ඇති බවය.

    කෙසේවෙතත් අදාළ ප්‍රකාශය සත්‍යයෙන් තොර බව ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ කර්නල් නලින් හේරත් මහතා සදහන් කළේය.

    ඔහු පෙන්වා දෙන්නේ හිටපු LTTE නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් මියගිය බවට DNA පරීක්ෂණයකින් ද තහවුරු වී ඇති බවය.

    හිටපු LTTE සාමාජිකයින් වන විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් සහ දයා මාස්ටර් ද ප්‍රභාකරන්ගේ සිරුර නිරීක්ෂණය කිරීමෙන් පසු ඔහු මිය ගිය බවට තහවුරු කළ බව ද කර්නල් නලින් හේරත් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් අස්වැසුම අද බැංකුවට

    September 16, 2026

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    අදත් ප්‍රදේශ කිහිපයකට මී.මී 100 ඉක්මවූ තද වැසි

    September 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,470 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,422 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 202605 Views

    දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපය…

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026

    පාකිස්තාන රජයෙන් දැඩි වියදම් කප්පාදුවක්

    September 18, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.