Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රුපියල යන්තම් නැගිටියි

    June 10, 2026

    අපනයන ඉපයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා පවතින රීති සංශෝධනය කෙරේ

    June 9, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මෛත්‍රීගේ අලුත්ම සූදානම
    Featured

    මෛත්‍රීගේ අලුත්ම සූදානම

    By LFNFebruary 12, 2023No Comments1 Min Read273 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යළිත් වරක් ජනාධිපති ධුරයට තරග කළ යුතු බවට වන යෝජනාවක් නිදහස් පක්ෂය විසින් සම්මත කරගෙන තිබේ.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ථ ලංකා කාරක සභා රැස්වීම ඊයේ (11) පෙරවරුවේ ඩර්ලි පාරේ පිහිටි පක්ෂ මූලස්ථානයේ දී පැවැත්විය.

    මෙම කාරක සභාව පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර ඊට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් රැසක් එක්ව සිටි බව වාර්තා වෙයි.

    මෙවර පළාත් පාලන මැතිවරණයට තරග කරන අපේක්ෂකයින් ද මීට එක්වී සිටි අතර එහිදී අදාළ යෝජනාව සම්මත වී ඇති බව වාර්තා විය.

    රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා,

    “අපි පළාත් පාලන මැතිවරණය ගැන සාකච්ඡා කරලා ආසන සංවිධායකයින්ගෙනුත් අදහස් විමසලා අද සිට වහාම මෙතෙක් ගෙන ගිය වැඩපිළිවෙල කාර්යක්ෂම කරන්න කියලා උපදෙස් දුන්නා.”

    ප්‍රශ්නය – අද එකමතිකව තීන්දු වුණා ඔබතුමා නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න සූදානම් කියලා ?

    “මට මතක හැටියට එහෙම යෝජනාවකුත් ඉදිරිපත් වුණා වගේ. පක්ෂය කියනවා නම් මම පිළිගන්න ඕනේ.”

    ප්‍රශ්නය – ආසන ගාණන වැඩි වෙයිද?

    “අනිවාර්යයෙන්ම ආසන ගණන වැඩි වෙනවා. ගිය සැරෙට වඩා වැඩි වෙනවාමයි.”

    ප්‍රශ්නය – 13 ගැන මේ දවස්වල කතා බහට ලක් වෙනවා නේද?

    “මේවා පුළුල් සංකීර්ණ ප්‍රශ්න. මේ මැතිවරණයක් තියන වෙලාවේ 13 ගැන කතා කරන එක සුදුසු වන්නේ නෑ. අනවශ්‍ය ප්‍රශ්න මතුවෙනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026

    ඉදිරියේ දී QR ක්‍රමවේදය තදින් ක්‍රියාත්මක කරන්න පියවර ගන්නවා – බලශක්ති ඇමති

    June 1, 2026

    ඇමති සමන්ත විද්‍යාරත්නගෙන් ප්‍රකාශයක්

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,444 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,396 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,604 Views
    Don't Miss

    රුපියල යන්තම් නැගිටියි

    June 10, 2026013 Views

    අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වෙමින් පැවති ශ්‍රී ලංකා රුපියල අද (10) නැවතත් ශක්තිමත් වී ඇති…

    අපනයන ඉපයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා පවතින රීති සංශෝධනය කෙරේ

    June 9, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    තරුණයෙකුට සහ පුද්ගලයෙකුට මරු කැඳවූ මාරක අනතුරු දෙකක්

    June 9, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.