Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලන ජාවාරමක්

    June 22, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජනතාවගේ ආහාර වේල් ගැන සමීක්ෂණ වාර්තාවක්
    Featured

    ජනතාවගේ ආහාර වේල් ගැන සමීක්ෂණ වාර්තාවක්

    By LFNFebruary 12, 2023No Comments1 Min Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෙරට ජනගහණයෙන් 33%ක් තවදුරටත් ආහාර අනාරක්ෂිතභාවයට මුහුණා පා ඇතැයි ලෝක ආහාර වැඩසටහනේ දෙසැම්බර් මස සමීක්ෂණ වාර්තාව අනාවරණය කර තිබේ.
    ‍
    ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් පසුගිය දෙසැම්බර් මාසය තුළ සිදුකළ සමීක්ෂණ වාර්තාව ලෝක ආහාර වැඩසටහන ප්‍රකාශයට පත් කර ඇත.

    ඒ අනුව ජනගහණයෙන් 35%ක් තමන් ලබාගන්නා ආහාර වේල් ප්‍රමාණය අඩුකර ඇති බව එහි සඳහන් වෙයි.

    එමෙන්ම ජනගහණයෙන් 67%ක් තමන් ප්‍රිය කරන ආහාර පරිභෝජනය අඩු කර ඇති බව වාර්තාවේ දැක්වෙයි.

    ජනගහණයෙන් 43%ක් සිය ආහාරවල ප්‍රමාණය අඩුකර තිබේ.

    ජනගහණයෙන් 33%ක් තවදුරටත් ආහාර අනාරක්ෂිතභාවයට මුහුණ පා සිටින අතර වැඩිම ආහාර අනාරක්ෂිතභාවය වාර්තා වී ඇත්තේ ඌව පළාතෙනි. එය 43%කි.

    අඩුම ආහාර අනාරක්ෂිතභාවය වාර්තා වන්නේ උතුරු පළාතෙන් වන අතර එය 25%කි.

    වතුකරයේ පවුල්වලින් 38%ක්, ග්‍රාමීය ප්‍රදේශවල පවුල්වලින් 34%ක් හා නාගරික පවුල්වලින් 28%ක් ආහාර අනාරක්ෂිතභාවයට මුහුණ පා සිටින බවද වාර්තාවේ සඳහන් ය.

    සෙසු පළාත් ගත්විට සබරගමුව 38%ක්, මධ්‍යම 34%ක්, නැගෙනහිර 33%ක්, බස්නාහිර 33%ක්, දකුණ 31%ක්, වයඹ 30%ක්, උතුරු මැද 29%ක් වශයෙන් ආහාර අනාරක්ෂිතභාවයට මුහුණ පා ඇති අයුරු වාර්තා වී තිබේ.

    මේ අතර ජනතාව වැඩි වශයෙන් ආහාරයට ගන්නා පාන් රාත්තල නියමිත බරට අනුව නිෂ්පාදනය නොකරන බවට ආපනශාලා හිමියන්ගේ සංගමය චෝදනා කරයි.

    එම සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා පැවසුවේ භාණ්ඩවල මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබාදී නොමැති බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලන ජාවාරමක්

    June 22, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,447 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,402 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,607 Views
    Don't Miss

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026042 Views

    අම්පාර ඩිපෝවට අයත් ලංගම බස් රථයක් වැල්ලම්පිටියේදී අනතු‍රට ලක්වී තිබේ. බස් රියදුරුට ඇති වූ හදිසි…

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලන ජාවාරමක්

    June 22, 2026

    ට්‍රැක්ටරයක් වියානා ඇලට පෙරළෙයි – රියදුරු අතුරුදන්

    June 22, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.