Close Menu
Lanka Focus News
    What's Hot

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 2026

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»PUCSL නඩුවට වියදම් කළ මුදල් ගැනත් තීරණයක්
    Featured

    PUCSL නඩුවට වියදම් කළ මුදල් ගැනත් තීරණයක්

    By LFNFebruary 11, 2023No Comments2 Mins Read127 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විදුලිය කප්පාදු නොකරන ලෙස විදුලිබල මණ්ඩලයට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මහජන උපයෝගීතා කොමිසම ගොනුකළ පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය ඊයේ (10) නියෝග කළේය.

    මේ අතර, උසස් පෙළ සමයේ විදුලි කප්පාදු නොකරන්නැයි කළ විධානයක් උල්ලංඝනය කිරීමෙන් සිය කොමිසමට අපහාසයක් කළ බවට චෝදනා කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ඉදිරිපත් කළ පැමිණිල්ලත් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කර තිබුණි.

    උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විදුලිය කප්පාදු නොකරන ලෙස විදුලිබල මණ්ඩලයට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මහජන උපයෝගීතා කොමිසම ගොනුකළ පෙත්සම අද සලකා බැපුනේ සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන විනිසුරු මඩුල්ල ඉදිරියේදීය.

    අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ කප්පාදුවකින් තොරව අඛණ්ඩව විදුලිය සපයන බවට ලංකා විදුලිබල මණ්ඩලය පොරොන්දුවී තිබුණද විදුලි කප්පාදුව සිදුවීම නිසා අදාළ විභාගය සඳහා මුහුණදෙන සිසුන් දැඩි අපහසුතාවයකට පත්වී සිටින බව ඔවුන්ගේ දෙමව්පියන් විසින් පැමිණිලි කර තිබෙන බව මහජන උපයෝගීතා කොමිසම ඉදිරිපත් කළ පෙත්සමේ සඳහන් වුණි.

    ලංකා විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යන වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සඳහන් කළේ මෙම පෙත්සම පවත්වාගෙන යාම සඳහා මහජන උපයෝගීතා කොමිසමේ සෙසු සාමාජිකයින් දෙදෙනා අනුමැතිය පළකර නොමැති බවය.

    මෙම පෙත්සමේ අන්තර්ගත කරුණු පදනම් විරහිත බැවින් එය විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස එම නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා තිබුණි.

    ඒ අනුව පෙත්සම විභාගයට ගැනීමට තරම් සාධාරණ කරුණු අනාවරණය නොවන හෙයින් එය ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය තීරණය කළේය.

    එම නියෝගයේ වැඩිදුරටත් සඳහන් වූයේ උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා හිතුවක්කාර ආකාරයෙන් තීරණ ගනිමින් ගොනුකළ මෙම නඩුකරය වෙනුවෙන් වැය කළ මුදල් මහජන උපයෝගීතා කොමිසමේ මුදල්වලින් ගෙවිය යුතු නැති බවය.

    ඒ පිළිබඳව විමර්ශනයක් කිරීම සඳහා මෙම නඩු තීන්දුව රජයේ විගණකාධිපතිවරයා වෙත යොමුකරන ලෙසත් විනිසුරු මඩුල්ල නියෝග කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 2026

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,466 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 202606 Views

    පසුගිය මාස 12ක කාලය තුළ ඕමානයේදී මියගිය ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් රුපියල් මිලියන 28කට අධික වන්දි…

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.