Close Menu
Lanka Focus News
    What's Hot

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026

    ප්‍රබල මත් ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් දිවයිනට රැගෙන එයි

    August 15, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»IMF ණය මුදල මාර්තු 31ට පෙර නොලැබුණොත් ?
    Featured

    IMF ණය මුදල මාර්තු 31ට පෙර නොලැබුණොත් ?

    By LFNFebruary 7, 2023No Comments2 Mins Read177 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෙම වසරේ මාර්තු මස 31 වන දිනට පෙර ජාත්‍යාන්තර මුල්‍ය අරමුදලෙන් ඇමරිකානු ඩොලර් බිලියන 2.9ක විස්තීරණ ණය මුදල ලබාගැනීමට නොහැකි වුවහොත් මෙරට ආර්ථික තත්ත්වය යළි බැරෑරුම් ස්ථානයකට ගමන් කළ හැකි බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි.

    විදේශ කටයුතු අමාත්‍යවරයා එම අදහස් පළ කළේ, අල් ජසීරා ජාත්‍යන්තර නාළිකාවත් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

    ප්‍රශ්නය – අප වටහාගෙන ඇති පරිදි චීන එක්සිම් බැංකුව ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ණය යළි ගෙවීමේ කාලය වසර දෙකකින් පමා කිරීමට තීරණය කර තිබෙනවා. නමුත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ණය මුදල නිදහස් කිරීම සඳහා එය ප්‍රමාණවත් නැහැ නේද ? ඔබට ඇතැම් විට චීනයෙන් ලබාගෙන ඇති අනෙකුත් ණය සම්බන්ධයෙන්ද සාකච්ඡා කිරීමට සිදුවී ඇතැයි සිතනවා. එය නිවැරදිද ?

    “ඇත්තෙන්ම වෙනත් ණය පහසුකම් සම්බන්ධයෙන් නොවෙයි.”

    ප්‍රශ්නය – ඇතැම් විට වෙනත් කොන්දේසි සම්බන්ධයෙන් ?

    “ඇත්තෙන්ම අනෙකුත් ණය පහසුකම් සම්බන්ධයෙන් නොවෙයි. චීනය සමඟ අපේ සාකච්ඡා තවමත් අවසන් වී නැහැ. අපි බලාපොරොත්තු වෙනවා අවසන් එකඟතාවයක් සම්බන්ධයෙන් චීනය සමඟ එම සාකච්ඡා කඩිනමින් අවසන් වෙයි කියලා.”

    ප්‍රශ්නය – මොනවාද එලෙස අවසන් වී නොමැති සාකච්ඡා. ජාත්‍යාන්තර මුල්‍ය අරමුදලෙන් ණය ලබාගැනීමට ඔබ චීනය සමඟ කොයි වගේ එකඟතාවයකට ඒමටද බලාපොරොත්තු වෙන්නේ ?

    “දැන් ගැටලුව වී ඇත්තේ මුල්‍ය අරමුදල අපේක්ෂා කරන දේ සහ චීනය විසින් පිරිනමා ඇති දේ අතර විෂමතාවක් ඇතිවීමයි. ඉතින් අපි සෑම පාර්ශ්වයක්ම එක මේසයට කැඳවා සාකච්ඡා කළ යුතු වෙනවා. සියල්ලන්ම එකම සද්භාවයෙන් යුක්ත වූ විට අපට ඉදිරියට යාමට පුළුවන්. ඒ සඳහා සුළු කාරණා කිහිපයක් පමණයි කිරීමට ඉතිරිව ඇත්තේ. අප විශ්වාස කරනවා අපට එය කළ හැකියි කියලා.”

    ප්‍රශ්නය – කොපමණ කාලයකින් එම විෂමතාවය අවසන් වේවිද ?

    “ඉතා ඉක්මනින් එය අවසන් විය හැකියි. ඔබ හඳුන්වාදීමේදි කී පරිදි අපට මේ ණය මුදල අත්‍යවශ්‍යයි. රටට එය අත්‍යවශ්‍යයි.”

    ප්‍රශ්නය – කොපමණ කාලයක් ශ්‍රී ලංකාවට ඒ සඳහා බලා සිටිය හැකිද ? ඔබ විදේශ මුදල් හිඟයකට, උද්ධමනයට, ආර්ථික අවපාතය ආදී ගැටලු රැසකට මුහුණ දී සිටිනවා. ඔබට දළ වශයෙන් ඔවුනට දවසක් ප්‍රකාශ කළ හැකිද මේ දිනය වනවිට අපට ණය මුදල නොලැබුනොත් ශ්‍රී ලංකාව දැඩි දුෂ්කර තත්ත්වයකට මුහුණ දීමට සිදුවෙයි කියලා.

    “ඔව් අප ඒ බව පැහැදිලිව ප්‍රකාශ කර තිබෙනවා. මේ වසරේ පළමු කාර්තුවට පෙර නොලැබුණොත්, මාර්තු මස 31 වෙනිදා වනවිට නොලැබුණොත්… බොහෝ දුරට අපට එතෙක් බලාසිටිය හැකියි. එබැවින් අපි ඊට පෙර යමක් ලබා ගැනීමට උත්සාහ දරනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026

    ප්‍රබල මත් ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් දිවයිනට රැගෙන එයි

    August 15, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,416 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 202604 Views

    ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු…

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026

    ප්‍රබල මත් ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් දිවයිනට රැගෙන එයි

    August 15, 2026

    ජපානයේ දී තියුණු ආයුධයකින් පහරදී ශ්‍රී ලාංකික තරුණයෙකු මරුට

    August 13, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.