Close Menu
Lanka Focus News
    What's Hot

    එජාපයේ 80 වැනි සංවත්සර සැමරුම අද

    September 6, 2026

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 2026

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ව්‍යාපෘති කාර්යාල 55ක් වසා දැමීමට රජයෙන් තීරණයක්
    Featured

    ව්‍යාපෘති කාර්යාල 55ක් වසා දැමීමට රජයෙන් තීරණයක්

    By LFNFebruary 7, 2023No Comments2 Mins Read164 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දැනට ක්‍රියාත්මක විශාල සේවක පිරිසක් සහිත ව්‍යාපෘති කාර්යාල 55ක් වසා දැමීමට රජය තීරණය කර තිබේ.

    කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටියේ, ව්‍යාපෘති කාර්යාල සහ ව්‍යපෘති කළමනාකරණ ඒකක සමාලෝචනය කිරීමේ කමිටු වාර්තාව අනුව අමාත්‍ය මණ්ඩලය විසින් එම තීරණය ගත් බවය.

    හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වන එච්.ටී. කමල් පද්මසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් එම කමිටුව ජනාධිපතිවරයා විසින් පත්කර තිබුණි.

    එම කමිටු නිර්දේශ මත ව්‍යාපෘති කාර්යාල 32ක් අත්හිටුවීමට තීරණය කර තිබේ.

    එමෙන්ම ව්‍යාපෘති කාර්යාල 46ක් අවම සේවක පිරිසක් යටතේ පවත්වාගෙන යෑමටත් අදාළ කමිටු වාර්තාව මගින් නිර්දේශ කර ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    කැබිනට් මණ්ඩලයේ දී මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡාවට භාජනය වූ බවත් එහිදී අමාත්‍යවරුන්ගේ ඉල්ලීම මත තව දුරටත් මෙම කාර්යාල 55ම වසා දමන්නේ ද යන අවසන් තීරණය ඉදිරියේ දී ගැනීමටත් ජනාධිපතිරයා එකඟත්වය පළ කර තිබේ.

    ඒ අනුව කමිටු වාර්තාව පිළිබඳව ඉදිරියේ දී මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කිරීමට නියමිතය.

    මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති සඳහා ක්‍රියාත්මක වන ව්‍යාපෘති කාර්යාල හා ව්‍යාපෘති කළමනාකරණ ඒකක රැසක් පිහිටුවා තිබේ.

    එම කාර්යාලවල උපෙදේශකයින් ඇතුළුව විශාල සේවක පිරිසක් ඉහළ වැටුප් තලයන්ට අනුව සේවයට බඳවා ගෙන ඇතැයි ද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    රට මුහුණ දී සිටින මූල්‍ය අර්බුදය හමුවේ විශාල ව්‍යාපෘති කාර්යාල නඩත්තු කළ නොහැකි බැවින් ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත්කළ එම ව්‍යාපෘති කාර්යාල සම්බන්ධයෙන් ඇගයීමක් සිදුකිරීමට පසුගිය දා තීරණය කර තිබුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    එජාපයේ 80 වැනි සංවත්සර සැමරුම අද

    September 6, 2026

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 2026

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,466 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    එජාපයේ 80 වැනි සංවත්සර සැමරුම අද

    September 6, 202604 Views

    එක්සත් ජාතික පක්ෂයේ 80 වැනි සංවත්සර සැමරුම අදට (06) යෙදී තිබේ. ඒ වෙනුවෙන් වූ සැමරුම්…

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 2026

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.