Close Menu
Lanka Focus News
    What's Hot

    ඌව‌ට සහ නැගෙනහිරට මි.මී 75 ඉක්මවූ තද වැසි

    September 8, 2026

    20ට ඉල්ලූ ජනමත විචාරණය 22ට අකැප ඇයි? – සජිත්

    September 7, 2026

    එජාපයේ 80 වැනි සංවත්සර සැමරුම අද

    September 6, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රාජිතගේ නඩුවක ෆයිල් අතුරුදහන්
    Featured

    රාජිතගේ නඩුවක ෆයිල් අතුරුදහන්

    By LFNFebruary 7, 2023No Comments2 Mins Read178 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෝදර ධීවර වරාය අඩු මුදලකට පෞද්ගලික සමාගමකට බදු දීමෙන් රජයට පාඩු කළ බවට හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනාට එරෙහි අල්ලස් නඩුවේ චෝදනා සනාථ කිරීම සඳහා අධිකරණයට ඉදිරිපත් කිරීමට ලේඛනගත කර තිබූ ලේඛන අතුරින් එක් ලේඛනයක් අස්ථානගත වී ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතාට දැනුම් දුන්නේය.

    අල්ලස් කොමිසම හිටපු ධීවර ඇමැති රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට එරෙහිව ඉදිරිපත් කළ සංශෝධිත අධිචෝදනා පත්‍රයට අදාළ නඩුව සම්බන්ධයෙන් “පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය”‍ සඳහා කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නඩුවේ පැමිණිල්ලේ සාක්කි ලේඛනයක් වශයෙන් නම් කර තිබූ ධීවර වරාය නීතිගත සංස්ථාවේ 2014 සැප්තැම්බර් 11 වැනි දිනට අදාළ අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාව මෙලෙස අස්ථානගත වී ඇති බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේය.

    2014 වසරේ අගෝස්තු මස පළමුවැනිදාත් නොවැම්බර් මස පළමුවැනිදාත් අතර කාලයේ කොළඹදී මෝදර ධීවර වරාය ‘සී ගල්ෆ් යූ.කේ.’ සමාගමට අඩු මුදලකට බදු දීම සඳහා ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ අධ්‍යක්‍ෂ මණ්ඩලය පෙළඹ වූ බවට ද ඒ අනුව මෝදර ධීවර වරාය එම සමාගමට අඩු මුදලකට බදු දීමෙන් රජයට පාඩු සිදුකළ බවට ද විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විත්තිකරුවන්ට එරෙහිව චෝදනා නගා ඇත.

    එමගින් විත්තිකරුවන් අල්ලස් පනතේ 70 වැනි වගන්තියේ දැක්වෙන දූෂණය නමැති වරද සිදුකළ බවට විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අධිචෝදනා 05ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා ඇති මෙම නඩුවේ සාක්ෂිකරුවන් වශයෙන් පුද්ගලයන් 17 දෙනකු නම් කර ඇති විත්තිකරුවන්ට එරෙහි චෝදනා සනාථ කිරීම සඳහා නඩු භාණ්ඩ වශයෙන් ලේඛන 55ක් ඉදිරිපත් කරන බව අල්ලස් කොමිසම නඩු භාණ්ඩ ලේඛනයක් මගින් අධිකරණයට දැනුම් දී තිබේ.

    හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට අමතරව මෙලෙස චෝදනා ලැබ සිටින්නේ ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු අධ්‍යක්‍ෂ උපාලි ලියනගේ සහ එහි කළමනාකාර අධ්‍යක්‍ෂ නීල් රවින්ද්‍ර මුණසිංහ නමැත්තන්ය.

    නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකරුවෝ අධිකරණයේ පෙනී සිටියහ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඌව‌ට සහ නැගෙනහිරට මි.මී 75 ඉක්මවූ තද වැසි

    September 8, 2026

    20ට ඉල්ලූ ජනමත විචාරණය 22ට අකැප ඇයි? – සජිත්

    September 7, 2026

    එජාපයේ 80 වැනි සංවත්සර සැමරුම අද

    September 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,466 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    ඌව‌ට සහ නැගෙනහිරට මි.මී 75 ඉක්මවූ තද වැසි

    September 8, 202605 Views

    ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පසුව තැනින් තැන වැසි…

    20ට ඉල්ලූ ජනමත විචාරණය 22ට අකැප ඇයි? – සජිත්

    September 7, 2026

    එජාපයේ 80 වැනි සංවත්සර සැමරුම අද

    September 6, 2026

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.