Close Menu
Lanka Focus News
    What's Hot

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දර්ශන හඳුන්ගොඩ ට ඇප
    Featured

    දර්ශන හඳුන්ගොඩ ට ඇප

    By LFNFebruary 6, 2023No Comments2 Mins Read214 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙකු ලෙස සැලකෙන දර්ශන හඳුන්ගොඩට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබා දී තිබේ.

    සමාජ මාධ්‍ය ක්‍රියාකාරී දර්ශන හදුන්ගොඩ අද (06) පෙරවරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී ආගමන විගමන නිලධාරින් විසින් අත්අඩංගුවට ගැනුණි.

    පසුව ඔහුව අද කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර, එහිදී ඔහුට ඇප ලබාදීමට නියෝග කෙරුණි.

    ප්‍රචණ්ඩත්වය ඉස්මතුවන අන්දමේ වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලාවලට මුදාහැරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීම මඟ හැර යාමේ චෝදනාව මත දර්ශන හඳුන්ගොඩ අත්අඩංගුවට පත්වුණි.

    ඉකුත් වසරේ අරගල සමයේ මැයි 09 වැනිදා රාත්‍රියේ අරලියගහ මන්දිරය ඉදිරිපිට සිදුවූ කලහකාරී සිදුවීමේදී ප්‍රචණ්ඩත්වය ඉස්මතුවන අන්දමේ වීඩියෝවක් සමාජ මාධ්‍යවල මුදාහැරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරී දර්ශන හඳුන්ගොඩට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශය විමර්ශනයක් අරඹා තිබුණි.

    පසුව එම විමර්ශනයට අදාළව දර්ශන හඳුන්ගොඩගෙන් ඉකුත් වසරේ මැයි 31 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 04ක කාලයක් ප්‍රකාශ සටහන් කර ගනු ලැබීය.

    වැඩිදුර විමර්ශන සඳහා ප්‍රකාශ සටහන් කර ගැනීමට ඔහුට මෙම වසරේ ජනවාරි 20 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණද ඔහු එදින එම දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේ නැහැ.

    ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශය දර්ශන හඳුන්ගොඩ රටින් පිටවීම වළක්වාලමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් විදේශ ගමන් තහනමක් ගනු ලැබීය.

    කෙසේ වෙතත් ඒ අතරවාරයේ දර්ශන හඳුන්ගොඩ රටින් පිටව ගොස් තිබුණේ අධිකරණයට දැනුම් දීමකින් තොරවය.

    ඒ අනුව ඩුබායි රාජ්‍යයේ සිට අද පෙරවරුවේ යළි දිවයිනට පැමිණෙමින් සිටියදී දර්ශන හඳුන්ගොඩ ආගමන විගමන නිලධාරින් විසින් කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගනු ලැබීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 202603 Views

    වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් වගා හානි සිදුවූ දිස්ත්‍රික්ක රැසක වගා බිම් සඳහා වන්දි ගෙවීම අද…

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.