Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අපනයන ඉපයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා පවතින රීති සංශෝධනය කෙරේ

    June 9, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    තරුණයෙකුට සහ පුද්ගලයෙකුට මරු කැඳවූ මාරක අනතුරු දෙකක්

    June 9, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අපේ වැඩේ අපි කරන්නම්, ඇඟිලි ගහන්න එපා – චීනයෙන් අමෙරිකාවට තරවටුවක්
    Featured

    අපේ වැඩේ අපි කරන්නම්, ඇඟිලි ගහන්න එපා – චීනයෙන් අමෙරිකාවට තරවටුවක්

    By LFNFebruary 3, 2023No Comments2 Mins Read186 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකාව මුහුණපා ඇති ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන හා සම්බන්ධවෙමින් මෙරට ණය තිරසරභාවය සඳහා අවශ්‍ය සහාය ලබාදීමට චීනය කටයුතු කරන බව එරට විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මාඕ නින්ග් මහත්මිය පවසයි.

    පසුගියදා මෙරට සංචාරයක නිරත වූ අමෙරිකානු දේශපාලන කටයුතු පිළිබඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් වික්ටෝරියා නියුලන්ඩ්, චීනය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයට පිළිතුරු ලබාදෙමෙින් ඇය වැඩිදුරටත් සඳහන් කළේ අමෙරිකාව, චීන – ශ්‍රී ලංකා සහයෝගීතාවයට ඇඟීලි ගැසීම නවතා ශ්‍රී ලංකාවට උපකාර කළ යුතු බවය.

    මාධ්‍යවේදීයා –
    IMF ණය සහන ලබාගැනීම සඳහා චීනය ශ්‍රී ලංකාවට ලබාදුන් වසර දෙකක ණය සහන කාලය ප්‍රමාණවත් නොවන බව අමෙරිකානු දේශපාලන කටයුතු පිළිබඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් වික්ටෝරියා නියුලන්ඩ් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙමින් ප්‍රකාශ කළා. ශ්‍රී ලංකාවේ විශාලතම ද්විපාර්ශ්වික ණය හිමියා ලෙස චීනය, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රමිතියට ගැලපෙන විශ්වසනීය සහ නිශ්චිත සහතිකයක් ලබා දෙනු ඇති බව එක්සත් ජනපදය අපේක්ෂා කරන බවද ඇය එහිදි සඳහන් කළා. මේ සම්බන්ධයෙන් චීනයේ ප්‍රතිචාරය කුමක්ද?

    ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය සහන සඳහා අවශ්‍ය පරිදි ශ්‍රී ලංකාවට විශ්වාසනීය සහ නිශ්චිත සහතික ලබාදීමට චීනය සලකා බලන්නේ කවදා ද?

    මාඕ නින්ග් – චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශිකා

    “එක්සත් ජනපද පාර්ශ්වයෙන් සිදුකළ එම ප්‍රකාශයේ කිසිදු සත්‍යතාවයක් නැහැ. චීනයේ එක්සිම් බැංකුව දැනටමත් ශ්‍රී ලංකාවට සිය ණය තිරසරභාවය සඳහා සහාය ප්‍රකාශ කිරීමේ ලිපිය ලබාදී තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාව ඊට ධනාත්මක ප්‍රතිචාරයක් දක්වමින් ඒ පිළිබඳව චීනයට ස්තූතිය පළකර තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාව සමඟ චීනයේ සමීප සහයෝගීතාවයට ඇඟිලි ගසනවාට වඩා, එක්සත් ජනපදය ද යම් අවංකභාවයක් පෙන්විය යුතුයි. වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ පා ඇති දුෂ්කරතා කාලය මඟහරවා ගැනීමට උපකාර කළයුතු වනවා. මිත්‍රශීලී අසල්වැසියෙකු සහ සැබෑ මිතුරෙකු ලෙස චීනය ශ්‍රී ලංකාව මුහුණ දෙන දුෂ්කරතා සහ අභියෝග සමීපව නිරීක්ෂණය කරමින් සිය උපරිමයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජීය සංවර්ධනය උදෙසා ආධාර සපයනු ලබනවා. ශ්‍රී ලංකාව චීන පාර්ශ්වයට ඇති ණය සම්බන්ධයෙන්, නිසි විසඳුමක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව සමඟ සාකච්ඡා කිරීමට චීන මූල්‍ය ආයතනවලට අපි අවශ්‍ය සහාය ලබාදීම ද සිදුකරනවා. එමෙන්ම අදාළ රටවල් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ කටයුතු කිරීමට චීනය සූදානමින් සිටින අතර ශ්‍රී ලංකාවට පවතින තත්ත්වය මඟ හරවා ගැනීමටත්, එහි ණය බර ලිහිල් කිරීමටත්, තිරසාර සංවර්ධනයක් ළඟා කර ගැනීමටත් ධනාත්මක කාර්යභාරයක් ඉටු කිරීමට චීනය අඛණ්ඩව සූදානමින් සිටිනවා”.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අපනයන ඉපයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා පවතින රීති සංශෝධනය කෙරේ

    June 9, 2026

    තරුණයෙකුට සහ පුද්ගලයෙකුට මරු කැඳවූ මාරක අනතුරු දෙකක්

    June 9, 2026

    දිස්ත්‍රික්ක 14ක ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් ඉහළට

    June 7, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,444 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,395 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,604 Views
    Don't Miss

    අපනයන ඉපයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා පවතින රීති සංශෝධනය කෙරේ

    June 9, 202606 Views

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ…

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    තරුණයෙකුට සහ පුද්ගලයෙකුට මරු කැඳවූ මාරක අනතුරු දෙකක්

    June 9, 2026

    මෝල්ටා මුහුදු තීරයේදී සංක්‍රමණික බෝට්ටුවක් පෙරළී 11ක් ජීවිතක්ෂයට

    June 8, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.