Close Menu
Lanka Focus News
    What's Hot

    නව චීන තානාපතිවරයා සහ කථානායකවරයා අතර හමුවක්

    September 12, 2026

    දෙහිවල නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් – දරුවන් දෙදෙනෙකු මරුට

    September 11, 2026

    ඩුබායිහිදී කොටුවූ ‘කොණ්ඩ රංජි’ගේ සුලමුල – පැළඳ සිටි රත්‍රංවල ඇත්ත නැත්තත් එළියට

    September 10, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»PTA ඉවත් කරන්න – බ්‍රිතාන්‍ය සහ අමෙරිකාව ඉල්ලයි
    Featured

    PTA ඉවත් කරන්න – බ්‍රිතාන්‍ය සහ අමෙරිකාව ඉල්ලයි

    By LFNFebruary 1, 2023No Comments1 Min Read220 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාර්තාව අද (01) පරීක්ෂාවට ලක්කර තිබේ.

    එහිදී අදහස් දැක්වූ බ්‍රිතාන්‍ය සහ අමෙරිකා නියෝජිතයින් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කළ යුතු බව පවසා ඇති බව වාර්තා වෙයි.

    එසේම සමලිංගික ක්‍රියාකාරකම් අපරාධයක් ලෙස සැලකීම ඉවත්කරන ලෙසද ඔවුන් ඉල්ලා තිබේ.

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ‘විශ්ව කාලාන්තර සමාලෝචන’ කණ්ඩායම පැවැත්වූ රැස්වීමකදී මෙරට මානව හිමිකම් වාර්තාව සම්බන්ධයෙන් සාකච්ඡාවට ගෙන ඇති බව වාර්තා විය.

    එම කණ්ඩායම විසින් සමාලෝචනය කරනු ලබන රටවල් අතරින් එකක් වන ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම් 2008, 2012 හා 2017 යන වසරවල දී ද සිදුකර තිබුණි.

    රජය විසින් සපයනු ලබන වාර්තා, මානව හිමිකම් ප්‍රවීණයන්ගේ හා කණ්ඩායම්වල වාර්තා, මානව හිමිකම් ගිවිසුම් පිළිබඳ ආයතන, ජාතික මානව හිමිකම් ආයතන, කලාපීය ආයතන හා සිවිල් සමාජ කණ්ඩායම් ඇතුළු පාර්ශ්ව විසින් ලබාදුන් වාර්තා මත පදනම්ව මෙම සමාලෝචනය සිදුකෙරෙයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    නව චීන තානාපතිවරයා සහ කථානායකවරයා අතර හමුවක්

    September 12, 2026

    දෙහිවල නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් – දරුවන් දෙදෙනෙකු මරුට

    September 11, 2026

    ඩුබායිහිදී කොටුවූ ‘කොණ්ඩ රංජි’ගේ සුලමුල – පැළඳ සිටි රත්‍රංවල ඇත්ත නැත්තත් එළියට

    September 10, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,468 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,421 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,625 Views
    Don't Miss

    නව චීන තානාපතිවරයා සහ කථානායකවරයා අතර හමුවක්

    September 12, 202603 Views

    ශ්‍රී ලංකාවේ චීන මහජන සමූහාණ්ඩුවේ නව තානාපති වේයි හුවාෂියැං (Wei Huaxiang) සහ  පසුගිය 10 වැනිදා…

    දෙහිවල නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් – දරුවන් දෙදෙනෙකු මරුට

    September 11, 2026

    ඩුබායිහිදී කොටුවූ ‘කොණ්ඩ රංජි’ගේ සුලමුල – පැළඳ සිටි රත්‍රංවල ඇත්ත නැත්තත් එළියට

    September 10, 2026

    කල් ඉකුත් වූ තේ ඇසුරුමක් අලෙවි කළ ව්‍යාපාර ආයතනයකට ලක්ෂ 2ක දඩයක්

    September 9, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.