Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රුපියල යන්තම් නැගිටියි

    June 10, 2026

    අපනයන ඉපයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා පවතින රීති සංශෝධනය කෙරේ

    June 9, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»උත්තර ලංකා සභායේ කුමන්ත්‍රණයක්
    Featured

    උත්තර ලංකා සභායේ කුමන්ත්‍රණයක්

    By LFNJanuary 29, 2023No Comments2 Mins Read267 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    උත්තර ලංකා සභාගයෙන් ලංකා සම සමාජ පක්ෂය ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව ලංකා සම සමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ මහතා කීය. අද 28 වනදා මහනුවර දී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා  එසේ කීය.

    උත්තර ලංකා සභාගයේ  සාමාජික පක්ෂ හතෙන් ප්‍රධාන පක්ෂයක් ලෙස සම සමාජ පක්ෂය තිබුණත් පළමු වරට පැවැත්වූ උත්තර ලංකා සභාගයේ මංගල  මැතිවරණ රැස්වීමට තම පක්ෂයට ආරාධනා නොකළ බවත් එය තම පක්ෂය උත්තර ලංකා සභාගයෙන්  ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක් බව විශ්වාස කරන බවත්  තිස්ස විතාරණ මහතා මෙහිදී කීය.

    මෙම මංගල රැස්වීමට එක වචනයකින්වත් තමන්ට ආරාධනා නොකළ බවත් එහෙම රැස්වීමක් තිබූ බව තමන් දැන ගත්තේ  අද මහනුවරට පැමිණි පසුව බවත් ඒ මහතා කීය.

    උත්තර ලංකා සභාගය තුල සම සමාජ පක්ෂය  විශාල වැඩ කොටසක් සිදු කරන බවත් රට විදේශිය කුමන්ත්‍රණවලින් ආරක්ෂා කර ගන්නට මුල සිටම ක්‍රියා කරන බවත් ප්‍රකාශ කළ තිස්ස විතාරණ මහතා එම ක්‍රියාවන්ට අකුල් හෙළන පිරිසක්  තමන්ව  උත්තර ලං කා සභාවෙන්  ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන බවත් කීය. කෙසේ වුවත් තම පක්ෂය උත්තර ලංකා සභාය සමඟ  පවතින සබඳතා තර කර ගනිමන් තවදුරටත් ක්‍රියාත්මක වන බවද ඒ මහතා කීය.

    “උත්තර ලංකා සභාගය එක්ව පිහිටුවා ඇති නිදහස් ජනතා සන්ධානයෙන් තරඟ කිරිම සඳහා අප ඉදිරිපත් කළ  අපේකෂකයින් රැසකට අවස්ථාව  ලබා දීල නෑ මේ විදිහට බලන කොට අපේ පක්ෂයට අනෙකුත් පළාත්වලත් මේ හා සමානව කැපිලි දාලා තියෙනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් අපි ඉල්ලූ අපේක්ෂකයින් තුනක් වත් ලැබුණේ නෑ. සම සමාජ පකෂයට බලය තියෙන මාතර දිස්ත්‍රික්කයෙනුත් අපේ අපේක්ෂකයින්  ඉවත් කරල තියෙනවා. මේ සියල්ලෙන්ම  පෙනෙන්නේ සම සමාජ පක්ෂයට විරුද්ධව කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026

    ඉදිරියේ දී QR ක්‍රමවේදය තදින් ක්‍රියාත්මක කරන්න පියවර ගන්නවා – බලශක්ති ඇමති

    June 1, 2026

    මාතර – හක්මණ මාර්ගයේ විශේෂ රථවාහන සැලැස්මක්

    May 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,444 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,396 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,604 Views
    Don't Miss

    රුපියල යන්තම් නැගිටියි

    June 10, 2026013 Views

    අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වෙමින් පැවති ශ්‍රී ලංකා රුපියල අද (10) නැවතත් ශක්තිමත් වී ඇති…

    අපනයන ඉපයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා පවතින රීති සංශෝධනය කෙරේ

    June 9, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    තරුණයෙකුට සහ පුද්ගලයෙකුට මරු කැඳවූ මාරක අනතුරු දෙකක්

    June 9, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.