Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කල් ඉකුත් වූ ඖෂධ අලෙවි කළ හපුතලේ ෆාමසියක් වටලයි

    May 21, 2026

    අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක ඇස්තමේන්තු මිල පරාසයන්

    May 21, 2026

    වෙසක් සතිය තුළ ආරක්ෂාව සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමක්

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»කතිරයේ වැරැද්ද කතිරයෙන්ම නිවැරදි කරන්න
    Hot News

    කතිරයේ වැරැද්ද කතිරයෙන්ම නිවැරදි කරන්න

    By LFNJanuary 24, 2023No Comments2 Mins Read292 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මින් පෙර කතිරය ගසා සිදු කළ වැරැද්ද මාර්තු 09 වැනිදාට කතිරයෙන්ම නිවැරදි කරන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.

    කොළඹ විපක්ෂනායක කාර්යාලයේ අද (23දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා,

    “රනිල් වික්‍රමසිංහයි, මේ රට බංකොළොත්භාවයට පත් කළ ආණ්ඩුවයි ඡන්දය කල් දාන්න ගහන්න පුළුවන් හැම තුරුම්පුවක්ම ගැහුවා. අවසාන මොහොතේ පනතක් ගෙනල්ලා ඡන්දෙ කල් දාන්න තුරුම්පු ගහලා ඒකත් බැරිවුණු තැන දැන් මැතිවරණ කොමිසම ව්‍යවස්ථාව අනුව ක්‍රියාත්මක වෙලා නාමයෝජනා භාරගෙන මාර්තු 09 වැනිදාට ඡන්දය කැඳවලා තිබෙනවා.

    09 වැනිදා කියන්නේ ලංකාවට ඓතිහාසික දවසක්. මොකද ගිය අවුරුද්දේ අප්‍රේල් 09න් පටන්ගෙන මැයි 09 ඇවිල්ලා, ජූලි 09ට ඇවිල්ලා දැන් ඡන්දය ඇවිල්ලා තියෙන්නෙත් 09වැනිදාට. ගිය අවුරුද්දේ 09 වැනිදාවල ජනාධිපතිව එළෙව්වේ, ආණ්ඩු පෙරළුවේ, කපුටව අස්කළේ කැරලි ගහලා.

    ඒ නිසා ජනතාවට අද තවදුරටත් කැරලි ගහන්න පුළුවන්කමක් නෑ. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදී ජන මතයක් නැති සියලු දෙනාම එළවන්න ලැබෙන අවස්ථාව තමයි මාර්තු 09වැනිදාට එළඹිලා තිබෙන්නේ.

    එක එක්කෙනාට අපේක්ෂකයෝ දාගන්න බැරි වුණා කියලා ජනතාව පලි නෑ. ඒ වගේම බොරු බේගල් මවාගෙන සිටින කට්ටියට රැවටෙන්න ජනතාවට උවමනාවක් නෑ. මාධ්‍ය විසින් පුම්බපු බොරු වීරයෝ ගෙනල්ලා මේ රට කෑවේ 2019න් පස්සේ. ඒ කාපු එවුන්ව බේරගන්න ජනමතයක් නැති පුද්ගලයෙක් ආවෙත් ගිය අවුරුද්දේ. අපට මෙතෙක් වැරදුණේ කොහොමද?

    පුද්ගලයෙක් වෙනුවට පුද්ගලයෙක් ගෙනාවා. ඒ නිසා අද අපිට ඕන වෙන්නේ පුද්ගලයෙක් වෙනුවට කණ්ඩායමක්. අපි කතිරේ ගහලා නම් වරද්දගත්තේ, මාර්තු 09වැනිදාට කැරලි ගහන්නේ නැතිව කතිරේ ගහලම මේක වෙනස් කරලා හරි පාරට ගන්න කියලා අපි ජනතාවට කියනවා” යනුවෙන් කියා සිටියේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    ලොව සුප්‍රකට Mein Schiff 6 සුඛෝපභෝගී නෞකාව ප්‍රථම වරට ලංකාවට

    May 21, 2026

    සීදූවේ පාළු නිවසක ගමන් බෑගයක තිබූ කාන්තා නිරුවත් මළසිරුරක් සොයාගනී

    May 21, 2026

    ඉබෝලා වසංගතය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

    May 20, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    කල් ඉකුත් වූ ඖෂධ අලෙවි කළ හපුතලේ ෆාමසියක් වටලයි

    May 21, 202600 Views

    හපුතලේ, දඹේතැන්න මාර්ගයේ පිහිටි ෆාමසියකින් කල් ඉකුත් වූ ඖෂධ සහ මිල වෙනස් කළ ඖෂධ අලෙවි…

    අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක ඇස්තමේන්තු මිල පරාසයන්

    May 21, 2026

    වෙසක් සතිය තුළ ආරක්ෂාව සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමක්

    May 21, 2026

    මෙරට ප්ලාස්ටික් අපද්‍රව්‍ය ගැන දැනුම්වත්භාවය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.